වැඩ කරන්න බැරිනං ගෙදර යන්න, කාටවත් නිකං කන්න දෙන්න බෑ – ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට අනතුරු ඇඟවීම්

Date:

තවදුරටත් විදෙස් රටවලින් ආධාර ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත්, එනිසා අර්බුදයෙන් ගොඩඑන විසඳුම් අප විසින්ම සොයාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තවදුරටත් කිසිවෙකුටත් නිකන් සිටිය නොහැකි බවත්, සියලුදෙනාම රටවෙනුවෙන් එකට එක්වී වැඩ කළයුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

විශේෂයෙන් රාජ්‍ය සේවකයන් ලබා ගන්නා වැටුපට සරිලන සේවයක් ලබාදිය යුතු බවත්, කිසිවෙකුටත් නිකන් කන්න බොන්න දීමට නොහැකි බවත් පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා, වැඩ නොහැකි නම් ඉල්ලා අස් වී ගෙදර යායුතු බවද සඳහන් කරනවා.

වැඩ නොකරන්නේ නම් තමාටද අත්වන්නේ එවැනි ඉරණමක් බවත්, රටේ අර්බුදවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ජනතාව විසින් තමාද එළවා දමනු ඇති බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.

විශේෂයෙන් ගම් මට්ටමේ සිටින රාජ්‍ය නිළධාරීන් සතුව විශාල කාර්යභාරයක් තිබෙන බවත්, ඔවුන්ගේ සේවය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට සිදුවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...