නිශ්මං රණසිංහ ,මාර්තු 16, කොළඹ LNW:
ක්‍රීඩාවේ ගමන්මඟ සුබවාදීව වෙනස්වීම යහපත්ය.ශ්‍රී ලංකාවට විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති අය ක්‍රීඩා කරන්නට පටන්ගත් පසු හඹා යා යුතු ඉලක්කය වෙනස් විය.ඒ නිසාම මෙවර චැම්පියන් ලීග් ජාතික සූරතා තරගාවලිය වෙනදාට වඩා ක්‍රීඩා රටාවන්ගෙන් පොහොසත් විය.
පන්දු පාලනය,වේගය,අන්තර් හුවමාරුව,wන්තර් සම්බන්ධය සහ ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වැනි කාරණාවලදි යම් ප්‍රගතියක් දකින්නට ලැබීම බොහෝ විට මේ වන විට කණ්ඩායමට පිවිසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවස්ථාව අවම වීම තුළ ඉහළින් දස්කම් දැක්වීමේ අවශ්‍යයතාවය ඇති වීම විය හැකිය.විදේශ ක්‍රීඩකයින් සෑම කණ්ඩායමකම වාගේ දකින්නට ලැබුණු අතර ඒවා අඩු මිලට මිලදි ගැනීමට හැකි දක්ෂයන්ගෙන් පිරිණි.යම්කිසි කණ්ඩායමකට හැකියාවක් ඇති කර ගත හැකිනම් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ලාංකේය සම්භවයක් ඇති ක්‍රීඩකයින්ව ද සම්බන්ධ කර ගැනීමට ක්‍රීඩාව දුටුවාටත් වඩා පොහොසත්ව දැක ගන්නට තිබිණ.

කෙසේ නමුත් තවත් අතකින් මෙවර පාපන්දු සූරතාවය කොළඹ,ගම්පොළ වැනි සම්මත සූරතාවයන් කරා යොමු වන කණ්ඩායම්වලින් වෙනස්ව කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම වෙත හිමි වීම කැපී පෙණින.එයද යම් ආකාරයක හැරවුම් ලක්ෂයක් බව කිව යුතුය.ඔවුන් තරගයෙන් තරගයට වෙනස් වෙමින් සහ වර්ධනය වෙමින් පැමිණි ගමණක පළමු ජාතික සූරතාවය සිය ක්‍රීඩා සමාජ ගිණුමට එකතු කර ගන්නට සමත් විය.
ගමනේ ආරම්භය මෙවර තරගාවලියේ ඉහළ දස්කමක් නොපෙන් වූ මොරගස්මුල්ල කණ්ඩායම සමග විය.එහෙත් පෙලිකන්ස්ලාට එම තරගය ජය ගැනීමට නොලැබිණ.ඔවුන් එම තරගය ජය පරාජයෙන් තොරව හමාර කළ ද,මූලික වටයේදී ද තමන්ගේ කාණ්ඩයෙන් පෙරමුණ ගෙන දිගින් දිගටම සාර්ථකත්වය පෝෂණය කර ගැනීම කැපී පෙණින.

ඔවුන් ජය සංඛේත ලබා ගත් අවසානයට මුහුණ දුන් තරගය වන විට සූරයන් වී සිටි අතර එම සූරතාවය සහතික කර ගැනීමට තවත් ජයග්‍රහණයකින් සහතික කර ගැනීමේ අතිරේක බලාපොරොත්තුවක් ද ඔවුන්ට තිබිණ.එහිදී පළමු අර්ධයම නිව් ස්ටාර් කණ්ඩායම ඊට ඉඩ නොඳුන් අතර එය ගෙවී ගියේ දෙපිළෙන්ම ගෝල වාර්තා නොවුණ තරගයක් ලෙසය.එහෙත් දෙවන අර්ධයේදී අර්න්ස්ට් අඩෝ විසින් පිටිය මැද සිට එල්ල කළ දිගු පහරේ ඉලක්කය සහ වේගය දැල රකින්නාට රැක ගැනීමට නොහැකි සීමාවෙන් ගෝලය තුළට කඩා පාත් විය.
තරගය නිමාවන විට එම තත්ත්වය වෙනස් කිරීමට නිව් ස්ටාර් ක්‍රීඩකයෝ අපොහොසත් වූහ.පෙලිකන්ස් කණ්ඩායමට ද තවත් ගෝලයක් එක් කර ගැනීමට ඉඩක් නොතිබුණ බැවින් තරගයේ ප්‍රතිපලය ගෝල 1- ද ක් ලෙස පෙලිකන්ස් කණ්ඩායමට ජය හිමි වෙමින් අවසන් විය.
මෙවර තරගාවලිය සාර්ථක වීය.සමහර විට ඔබ යම් ආකාරයකින් ෆෙස්බුක් එක හරහා,යුටියුබ් එක හරහා හෝ නාලිකාවක් හරහා තරගය නරඹන්නට ඇති බව අපි විශ්වාස කළෙමු.එහි පිරුණු සෙනඟක් දුටුවේ අඩුවෙන් වුව ද,ඒ සිටි සෙනඟ සියල්ල යම් වටිනාකමක් පාපන්දු තරගයට ගෙවා නරඹන්න ආ පිරිසක් විය.එවැනි උවමනාවක් සමඟ පොළව මට්ටමේ ක්‍රීඩාව නඟා සිටුවීමට ආදරණිය වටිනාකමක්ද අවශ්‍යය කරන අතර මෙවර පාපන්දු තරගාවලිය තුළ එය ද යම් තරමකින් ඉහළ යමින් තිබෙනු දකින්නට ලැබිණ.
තවත් වැදගත් කාරණයක් වන්නේ පාපන්දු සම්මේලනයට යම් ආකාරයක හැකියාවක් ඇත්නම් පාපන්දු ක්‍රීඩකයන්ගේද සහයෝගය සහ කැමත්ත ඇතුළු ඔවුන් එක් එක් දිස්ත්‍රික් කණ්ඩායම්වලට අනුයුක්ත කර එම දිස්ත්‍රික්කයෙන් තෝරා ගත් පිරිසක්ද සමඟ මුසු කර දිස්ත්‍රික් තරගාවලියක් පවත්වන්නට එය ද ක්‍රීඩාවේ දියුණුවට හිතකර තත්ත්වයක් වන්නේය.පාපන්දු ක්‍රීඩාවේදී එවැනි මුසුවක් සහිතව තරගාවලියක් ක්‍රීයාත්මක කළ හැකිනම් හොඳ තරගකාරීත්වයක් දකින්නට ලැබෙනු සැක නැත.සෑම දිස්ත්‍රික්කයකම පාහේ පාපන්දු ක්‍රීඩාව හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් දක්ෂතා අතර විශාල පරතරයක් දිස්ත්‍රික් අතර නොමැති බැවින් සහ ඒ ඒ දිස්ත්‍රික්ක කරා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ද මුසු වෙන නිසා පාපන්දුවේ ගුණාත්මක තත්ත්වය ඉහළ යන හොඳ තරගාවලියක් සංවිධානය කරන්නට ලැබෙනු සැක නැත.

එසේම මේ අවස්ථාවන් කාන්තාවන්ට ද නිර්මාණය කර දීම වැදගත්ය.ෆුට්සාල් ආසියාතික තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හොඳ මට්ටමක සිටිනු දැක ගන්නට ලැබිණ.ඒ නිසා පාපන්දු සංස්කෘතිය සහ ක්‍රීඩා රටාව තාක්ෂණිකව පොහොසත් කිරීමට ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අවධානය යොමු වන්නේනම් සහ එයටද පිරිමි ජාතික කණ්ඩායමේ මුහුණුවරම දිය හැකිනම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අඩුම තරමෙන් කළාපය තුළ හෝ විශාල වෙනස් කමක් කරන්නට ඉඩ ඇත.
ජයග්‍රාහී පෙලිකන්ස් කණ්ඩායමේ නම සැදි තිබෙන්නේම සමූහ වශයෙන් දඩයම් සාර්ථක කර ගන්නා පක්ෂියෙකුගේ නමින්ය.මෙවර තරගාවලියේදී ඔවුන්ගේ ජයග්‍රහණයේ සාර්ථකත්වය තිබුණේ පරාජිත කණ්ඩායම් සාමුහිකව එක් වි පරාජය කිරීමට දැක් වූ හැකියාවේය.



