ජනනි පමණක් රත්තරං

Date:

ඉන්දියාවේ කර්ණාටකය කේන්ද්‍ර කර ගනිමින් බැංගලෝරයේ පැවති සිව්වන ඉන්දියානු පැරා මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් එකම රන් පදක්කමට හිමිකම් කියන්නට තවමත් පාසල් වියේ පසුවන ජනනි ධනංජනා සමත් වූවාය.තරගාවලියට සහභාගි වූ ⁣මෑතකදී සිය ඛාණ්ඩයට අයත් හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබූ සමිත දුලාන් ට ද සිය ඉසව්වේ දී රිදී පදක්කමකින් සෑහීමට පත්වෙන්න සිදු විය.

එක රන් පදක්කමක්,රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ රන් පදක්කමේ වටිනාකම වැඩිවන්නේ පැරා ක්‍රීඩාවේ කණිෂ්ඨ ක්‍රීඩිකාවක් හැටියට ජනනි විසින් පෙන් වූ අනාගත ආයෝජනය ය.ඇය T13,T37,T42,T46 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දි මෙතෙක් එහි ලාංකේය ආධිපත්‍යය දිනා සිටි කුමුදු ප්‍රියංකා ⁣එම ඉසව්වේ ශ්‍රී ලංකා ආධිපත්‍යය තහවුරු කරමින් දෙවන තැන දිනුවාය.

මෑත කාලයේ වැඩිම කතාබහට ලක්වන කුරුණෑගල දිස්ත්‍රික්කය පාදක කරගෙන බිහි වූ මල්ලවපොර සූරී නෙත්මි අහිංසා මෙන්ම තවමත් කුලියාපිටිය සුරදූත බාලිකාවේ අකුරු කරන ජනනි ද අනාගත සැළසුමක් සහිතව සුරැකිය යුතු වයඹින් බිහි වූ ජාතික සම්පතකි.මන්ද ඉන්දියාව පැරා ක්‍රීඩා කේෂ්ත්‍රයේ දැවන්ත තැනෙක පසුවන රටක් නිසා ජනනිගේ මේ ජයග්‍රහණය සුළුවෙන් තැකිය නොහැක.

තරඟාවලියේ සමස්ථ ප්‍රතිඵල සටහනට පහත සබඳතාවයෙන් පිවිසිය හැකිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...