Home දේශපාලන පුවත් කටකතා ජනතාව ස්වයංව තෙල් පරිභෝජනය අඩු කළා නම් QR ඕනෙ වෙන්නෙ නෑ –...

ජනතාව ස්වයංව තෙල් පරිභෝජනය අඩු කළා නම් QR ඕනෙ වෙන්නෙ නෑ – ඇමති චතුරංග

පසුගිය මාසයේ ජනතාව පරිභෝජනය කරන ලද සමස්ත ඉන්ධන ප්‍රමාණයෙන් 20%ක් මේ මාසයේදී ඉතිරි කරගත යුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“ඇත්තටම ජනතාව තේරුම් ගන්න ඕනෙ QR කියන්නෙ තාක්ෂණයක්. ජනතාව ස්වයංව පරිභෝජනය අඩු කළා නම් QR අවශ්‍ය වෙන්නෙත් නෑ. අපි දැන් කරන්න ඕනෙ ගිය මාසෙ අපි පාවිච්චි කරපු තෙල් ප්‍රමාණයෙන් 20%ක් අපි සමාජයක් විදියට ඉතුරු කරගන්න ඕනෙ. මේ මාස දෙක ඇතුළත – අපි දන්නෙ නෑ මාස දෙකෙන් එහාට මොකක් වෙයිද කියලා”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) කෝට්ටේ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.