ආණ්ඩුවට එන්න – රනිල් ! නෑ අපි විපක්ෂයේ ඉඳන් සහාය දෙන්නම් – සජිත් !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්විණි. මේ සඳහා සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද සහභාගි වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා යළිත් විපක්ෂ නායකයාගෙන් ඉල්ලා තිබෙන්නේ ආණ්ඩුවට එක්වී රට ගොඩනැගීමට දායක වන ලෙසයි.

කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති විපක්ෂ නායකයා පවසා තිබෙන්නේ විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවයි. ආණ්ඩුව ගන්නා සෑම සාධනීය පියවරක් සඳහාම උපරිම සහයෝගය ලබාදෙන බවට විපක්ෂ නායකයා සහතික වී තිබෙනවා.

සජබ ලේකම්වරයා පවසා තිබෙන්නේ ආණ්ඩුවට එක්වී ඇමති තනතුරු ලබාගෙන රටට තවත් බරක් වීමට තම පක්ෂය සූදානම් නොමැති බවයි. සාධනීය කටයුතුවලදී ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවත්, තනතුරු බාර ගතහොත් ආණ්ඩුව ගන්නා වැරදි ක්‍රියාමාර්ගවලදී විවේචන එල්ල කිරීමට නොහැකි වන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...