ආණ්ඩුවට එන්න – රනිල් ! නෑ අපි විපක්ෂයේ ඉඳන් සහාය දෙන්නම් – සජිත් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්විණි. මේ සඳහා සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද සහභාගි වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා යළිත් විපක්ෂ නායකයාගෙන් ඉල්ලා තිබෙන්නේ ආණ්ඩුවට එක්වී රට ගොඩනැගීමට දායක වන ලෙසයි.

කෙසේ නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති විපක්ෂ නායකයා පවසා තිබෙන්නේ විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවයි. ආණ්ඩුව ගන්නා සෑම සාධනීය පියවරක් සඳහාම උපරිම සහයෝගය ලබාදෙන බවට විපක්ෂ නායකයා සහතික වී තිබෙනවා.

සජබ ලේකම්වරයා පවසා තිබෙන්නේ ආණ්ඩුවට එක්වී ඇමති තනතුරු ලබාගෙන රටට තවත් බරක් වීමට තම පක්ෂය සූදානම් නොමැති බවයි. සාධනීය කටයුතුවලදී ආණ්ඩුවට සහයෝගය ලබාදිය හැකි බවත්, තනතුරු බාර ගතහොත් ආණ්ඩුව ගන්නා වැරදි ක්‍රියාමාර්ගවලදී විවේචන එල්ල කිරීමට නොහැකි වන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...