දෙස් විදෙස් විරෝධය නොතකා රනිල් රැඳවුම් නියෝගවලට අත්සන් තබයි !

Date:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වල සිරිධම්ම හිමි සහ හෂාන්ත ගුණතිලක යන සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා තබාගෙන විමර්ශන කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම අනුමැතිය ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

සැකකරුවන් තිදෙනා පැය 72 ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර එය දින 90 ක් දක්වා දීර්ඝ කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා තිබිණි.

පසුගිය 18 වැනිදා කොළඹ පැවති උද්ගෝෂණයක් අතරතුර මෙම තිදෙනා ඇතුළු සැකකරුවන් 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පසුව සෙසු සැකකරුවන් ඇපමත මුදා හැරිණි.

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා දින 90 ක කාලයක් රඳවා ගැනීම සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දුන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තරවද එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේයි. ජනාධිපතිවරයා මෙම නියෝග සඳහා අනුමැතිය ලබාදුන් සැනින් මෙරට ඇමරිකානු තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විරෝධය පළකර තිබෙනවා.

තානාපතිනිය පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයේ නීති භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාලුවට ලක්විය හැකි බවයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස ඇය රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙම නියෝග සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස මීට පෙර විවිධ රටවල් මෙන්ම මානව හිමිකම් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් ජනාධිපිතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

මෙම තත්වය මත ඉදිරියේදී මානව හිමිකම් පිළිබඳව ආණ්ඩුවට ජාත්‍යන්තරය හමුවේ බරපතල ගැටලුවකට මුහුණදීමට සිදුවීමට ඉඩ තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...