උද්ධමනය අධිවේගයෙන් ඉහළට – ආහාර උද්ධමනය 82% යි

Date:

ජුලි මාසය අවසන් වනවිට මෙරට උද්ධමනය 66.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන මගින් තහවුරු වේ. පසුගිය ජුනි මාසය අවසානයේදී උද්ධමනය සටහන් වූයේ 58.9% ක් ලෙසයි.

මේ අතර ජුලි මාසය අවසන් වනවිට ආහාර කාණ්ඩයේ උද්ධමනය 82.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ජුනි මාසයේදී සටහන් වූයේ 75.8% ක් ලෙසයි.

ජුනි අවසන් වනවිට 43.6% ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුලි අවසන් වනවිට 52.4% ක් දක්වා වර්ධනය වී ඇත.

ජුනි මාසය හා සන්සන්දනය කිරීමේදී ආහාර කාණ්ඩය යටතේ කිරිපිටි, සහල්, අළුත් මාළු, බිස්කට් වර්ග, කුකුළුමස්, කරවල, පාන්, සීනි, මිරිස් කුඩු, පළතුරු, අර්තාපල්, ළදරු කිරිපිටි, ටින්මාළු, වියළි මිරිස්, හරක්මස්, අමුමිරිස්, තුනපහ කුඩු, බනිස් සහ බිත්තර ආදී ආහාර වර්ගවල මිල ගණන් ඉහළ ගොස් ඇති අතර කෙසේ නමුත් එළවලු, පොල්තෙල්, ලොකුලූණු, රතුලූණු ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහත වැටී ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ගේ කෙනෙහිලිකම් නිසා පුද්ගලයකු සිරුරට ගිනි තබා ගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : අද (26) පසුවරුවේ,...

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...