අරගලය නිසා ගාලුමුවදොරට සිදු වූ හානිය ලක්ෂ 50 යි

Date:

ගාලුමුවදොර ක්‍රීඩාංගනය ආශ්‍රිතව පැවති ගෝඨාගෝ ගම අරගල භූමිය හේතුවෙන් එම පරිශ්‍රයට සිදුව ඇති හානිය තක්සේරු කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ තක්සේරුවට අනුව රුපියල් ලක්ෂ 49 ක පමණ හානියක් සිදුව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය සකස් කර ඇති තක්සේරු වාර්තාවට අනුව භූමිය නැවත සකස් කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක් වැය කිරීමට සිදුව ඇති අතර තණ පිඩලි ඇල්ලීම සඳහා රුපියල් ලක්ෂ 48 ක මුදලක් වැය කිරීමට සිදුව ඇත.

විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නියෝගයකට අනුව මෙම තක්සේරුව සිදුකර ඇති අතර අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ සිදුව ඇති හානිය අරගලකරුවන්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...