ඉන්ධන QR කේතය යාවත්කාලීන කිරීමේ නව ක්‍රමවේදයක්!

රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ LNW :

පැරණි දුරකථන අංක මගින් ලියාපදිංචි කළ ඉන්ධන QR කේත නැවත ලබා ගැනීමේදී මහජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

මෙහිදී වාහනයේ ලියාපදිංචි අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන්, පද්ධතියේ පවතින පැරණි ගිණුම අවලංගු කර නව දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි වීමට අවස්ථාව සැලසේ.

විශේෂයෙන්ම ‘Override’ විකල්පය භාවිත කරමින් කලින් තිබූ ගිණුම් දත්ත ඉවත් කර නව ගිණුමක් වහාම සක්‍රීය කරගත හැකිය.

මෙමගින් අයිතිය තහවුරු කළ හැකි නියමිත හිමිකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තම වාහනයට අදාළ කේතය ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ.

කෙසේ වෙතත්, තමාට නීත්‍යනුකුල අයිතියක් නොමැති වාහනයක දත්ත මෙලෙස වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව බලධාරීන් අවධාරණය කරයි.

මෙම නව පද්ධති යාවත්කාලීන කිරීම හරහා ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ පහසු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...