Home විදෙස් ඩොන්සිච්ගේ සුපිරි දස්කම් හමුවේ ලේකර්ස් පිලට ජයග්‍රහණයක්

ඩොන්සිච්ගේ සුපිරි දස්කම් හමුවේ ලේකර්ස් පිලට ජයග්‍රහණයක්

රෂිකා හෙන්නායක මාර්තු 19 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම හූස්ටන් රොකට්ස් පිල පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ලූකා ඩොන්සිච් ලකුණු 40ක් රැස් කරමින් දස්කම් දැක්වූ අතර, ලෙබ්‍රොන් ජේම්ස් ලකුණු 30ක් ලබා ගනිමින් ඔහුගේ ක්‍රීඩා දිවියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

මෙම තරඟය පුරා දෙපිල අතර දැඩි සටනක් පැවති නමුත්, අවසාන මිනිත්තු කිහිපය තුළ ලේකර්ස් ක්‍රීඩකයින් පෙන්වූ දක්ෂතාවය ඔවුන්ගේ හත්වන පිට පිට ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ලේකර්ස් කණ්ඩායම බටහිර කලාපයේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.