Home පුවත් ක්‍රී​ඩා ඕල්කට් ක්‍රීඩාවේ මුල් පුටු ගවේෂ්ට සහ ලාල් ට

ඕල්කට් ක්‍රීඩාවේ මුල් පුටු ගවේෂ්ට සහ ලාල් ට

නිශ්මං රණසිංහ ,මාර්තු 19, කොළඹ LNW:

ලංකාවේ බොහෝ කේෂ්ත්‍රයන් හී බලපැම් සහගත මෙහෙවරකට දායකත්වය දෙන්නන් හැටියට ඕල්කට් විද්‍යාලය හරහා ලැබෙන සහය සහ දිරිය සුළු පටු නැත.එසේම ඕල්කට් විද්‍යාල පාසල් හරහා ක්‍රියාකාරී වැඩ කොටසක් එම පාසල්වල ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් සිඳුවන අතර එහිදී එම සංගමයේ ඉදරි දෙවසර සඳහා නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම මාර්තු 18 වන දා ට යෙදී තිබුණා.

එම නිලවරණයේදී ඕල්කට් ක්‍රීඩා පදනමේ නව සභාපතිවරයා ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ගවේෂ් කුමාර ගිනිගේ තේරි පත් වුණ අතර ලෙක්ම්වරයා ලෙස තේරි පත් වුණේ මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකු වන වෛද්‍ය ලාල් ඒකනායකයි.පහතින් දැක්වෙන්නේ ඉදරි වසර දෙකක කාලයක් සඳහා තේරි පත් වූ නව නිලධාරි මණ්ඩලය සහ ඔවුන් නියෝජනය කරන පාසල් කවරේද යන්නයි.

ජ්‍යෙෂ්ඨ උප සභාපති – උපාලි ජයසේකර (මහින්ද)
උප සභාපති – නිශ්ශංක දිසානායක (ධර්මපාල)
ආසන්නතම හිටපු සභාපති බිමල් විජේසිංහ (ආනන්ද)
සභාපති – ගවේෂ් කුමාර ගිනිගේ
ලේකම් – ආචාර්ය ලාල් ඒකනායක (රාහුල)
සහකාර ලේකම් – මේජර් ජෙනරාල් රාහුල වීරවර්ධන (මහින්ද)
භාණ්ඩාගාරික – සාලින්ද රොද්‍රිගෝ (නාලන්ද)
සහකාර භාණ්ඩාගාරික – චන්දන ඒකනායක (ධර්මරාජ)
ප්‍රධාන සංවිධායක – තිල්කිරි වන්නිනායක (මලියදේව)
සහකාර සංවිධායක – අනුර පෙරේරා (ආනන්ද)
මාධ්‍ය ප්‍රධානී – සුජීව ලොකුහේවා (රාහුල)
මාධ්‍ය සහකාර – බ්‍රිගේඩියර් සවීන් සේමගේ (ධර්මසෝක)

මිට අමතරව ඒ ඒ පාසල් ආදි සිසුවන් විසින් නම් කර එවන දෙදෙනෙකුගේ නම් ද කමිටු සාමාජිකයන් ලෙස මෙම නිලධාරී මණ්ඩලයට එක්වීමට නියමිතව තිබෙනවා.