රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ LNW :
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවකට අදාළව සිදුවූ බව කියන මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවල ප්‍රගතිය අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයින් පිරිසකට හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න) සහ ඔවුන්ගේ සමීපතමයින්ට (හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂ ) රුපියල් මිලියන ගණනක අල්ලස් මුදල් ලබාදුන් බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වී ඇත.
මෙම නීති විරෝධී මුදල් අවස්ථා කිහිපයකදී පෞද්ගලික නිවාස වෙත( අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට) ලබාදුන් බව සැකකරු විසින් පාපොච්චාරණය කර තිබේ.
මීට අමතරව, අදාළ මුදල් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකුගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙතද බැර වී ඇති බවට සාක්ෂි ලැබී ඇත.





