*
Monday, October 28, 2024
spot_img

Latest Posts

ගෝඨාභයගේ ආරක්ෂාව තහවුරු කරන්න – මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ සහ කොමිසමේ සාමාජික නිමල් කරුණාසිරි මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

හිටපු ජනාධිපතිවරුන් වෙත හිමිවන ආරක්ෂාව තහවුරු කරන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නොපැමිණෙන බැවින් ඔහුට යලිත් සියරට පැමිණීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලැබී තිබෙන පැමිණිල්ලකට අනුව කොමිසම ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයෙකුට හිමි සියලු පහසුකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිමිවිය යුතු බව අවධාරණය කරන මානව හිමිකම් කොමිසම සිය ලිපියෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් මැදිහත් වී සොයා බලන ලෙසයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan