ජොනී ඇතුළු මන්ත්‍රීවරුන්ගේ දේපළවලට හානි කළැයි තවත් 4ක් අත්අඩංගුවට !

Date:

පසුගිය මැයි 09 වනදා සිද්ධීන්ට අදාළව තවත් පිරිසක් ඊයේ (22) පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ව්‍යාපාරික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 24කට අධික දේපළ සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඊයේ අත් අඩංගුවට ගෙන ඇත.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාගේ නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු පන්ලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතාගේ නිවසට සහ දේපළවලට පහරදීම සම්බන්ධයෙන් ද පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත. ඔහු කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.

මීට අමතරව මැයි 09 වනදා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකුට පහරදී ඔහුව බේරේ වැවට තල්ලු කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ද ඊයේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඇය කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...