ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිලදිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන්, විදුලිය සඳහා පනවා තිබූ බදු අඩු කරන්නැයි යුරෝපා කොමිසම විසින් යුරෝපා සංගමයේ රටවලට යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.
යුරෝපා සංගමය පවසන්නේ ඇතැම් අවස්ථාවල ගෑස් වලට වඩා විදුලිය සඳහා බදු අයකරන අතර එය 15 ගුණයකින් වැඩි බවයි.
එසේ සිදුවිය යුතු නැති බවයි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ.
ඒ අනුව විදුලිය සඳහා බදු අනුපාත අඩු කිරීමට සහ පොසිල ඉන්ධනවලට වඩා අඩුවෙන් විදුලියට බදු අය කරන බව සහතික කරන්නැයි යෝජනා කරනවා” යුවෙන් කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් පවසයි.
සමාගම්වලට පොසිල ඉන්ධනවලින් ඉවත්වීමට උපකාරී වන ආයෝජන හරහා මූල්‍යමය ආධාරයක් ලබාදීමේ යෝජනා ද ඇය යුරෝපීය නායකයින්ට ඉදිරිපත් කර තිබේ.
ඉරානයේ ගැටුම ආරම්භ වීමට පෙර පැවති මට්ටමට වඩා යුරෝපයේ ගෑස් මිල මේ වනවිට දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළගොස් ඇති බව වාර්තා වෙයි.




