Home පුවත් මනුෂට එරෙහි දූෂණ විමර්ශනය අවසන් වෙයි!

මනුෂට එරෙහි දූෂණ විමර්ශනය අවසන් වෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ LNW :

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු කටයුතු පෞද්ගලික අංශයට පැවරීම මඟින් රජයට පාඩුවක් සිදු කිරීම මෙම නඩුවට පදනම වී ඇත.

අදාළ විමර්ශන වාර්තා ඉදිරි පියවර ගැනීම සඳහා දැනටමත් කොමසාරිස්වරුන් වෙත යොමු කර ඇති බව නිලධාරීන් මෙහිදී අනාවරණය කළහ.

2023 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීම තුළින් රජයට පාඩුවක් සිදු කර දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන අතර, මේ සම්බන්ධයෙන් වන ඉදිරි ප්‍රගතිය වාර්තා කරන ලෙස නියෝග කරමින් අධිකරණය මෙම නඩුව ලබන අගෝස්තු 28 වන දින නැවත කැඳවීමට නියම කර ඇත.