හිටපු මහ බැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද (23) දින අහෝසි වන බව වාර්තා වේ.

පැමිණිලිකරු වන පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කියා සිටියේ සංශෝධිත පැමිණිල්ල තවමත් සූදානම් නැති නිසා එය ගොනු කිරීමට කල් අවශ්‍ය බවයි.

ඒ අනුව, ගරු තිලිණ ගමගේ මහෙස්ත්‍රාත්තුමා 2022 නොවැම්බර් 15 වැනි දා තෙක් කල් ලබා දෙන බවට නියෝග කළේය.

තවද, පැමිණිලිකරුගේ නීතිඥවරු වගඋත්තරකරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වී තිබූ විදේශ ගමන් තහනම ඉල්ලා නොතිබුණු නිසා එම විදේශ ගමන් තහනමද අද දිනෙන් අහෝසි වනු ඇත.

වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ මූලික විරුද්ධ තාවයන් කිහිපයක්ම ඔහු ඉදිරිපත් කරන්නට සූදානම්ව සිටියද, ඒවා සංශෝධිත පැමිණිල්ල ගොනු කිරීමෙන් පසුව කරන්නට බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...