නිශ්මං රණසිංහ ,මාර්තු 21, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි ස්ථාවරයකට පිවිස මෙවර අයිපීඑල් තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් අනිවාර්ය ශාරීරික කාර්ය සාධන පරීක්ෂණය සාර්ථකව සමත්ව,සිය ශරීර යෝග්‍යතාවයේ අර්බූදයක් නැති බවට වන සහතිකය ලබා ගත යුතු බව දන්වා තිබෙනවා.එසේ ගැටළුවක් නොමැති බවට වන සහතිකය (No Objection Certificate) ලබා නොගෙන අයිපීඑල් සඳහා සහභාගිවීමට කිසිඳු ක්‍රීඩකයෙකුට අවසර නොලැබෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර කියා තිබෙනවා.
මේ වන විට එම සහතිකය ලබා ගැනීම සඳහා වන පරීක්ෂණයට මුහුණ දී සාර්ථකය අවසන් කර ඇති පැතුම් නිශ්ශංක,කමිඳු මෙණ්ඩිස් සහ දුශ්මන්ත චමීරට එම අවසරය ලැබී තිබෙන බව වාර්තා වෙනවා.නුවන් තුෂාරට ද මේ යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දී ලබා ගන්නා ප්‍රතිපලය අනුව අයිපීඑල් තරගාවලියට සුදුසුකම් ලබන්නේ ද නැද්ද යන්න තීරණය වෙනවා. එසේම මේ වන විටත් සිය ආබාධ තත්ත්වයෙන් මිදිම සඳහා වන ප්‍රථිකාරවලට මුහුණ දෙමින් සිටින වනිඳු හසරංග, එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ ද යෝග්‍යතා පරීක්ෂණය සඳහා මුහුණ දී නැති අතර ඔවුන් ඉදිරියේදී සිය සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට ප්‍රතිකාරකිරීම්වලින් ලැබෙන සුවයත් සමඟ ඉල්ලා සිටිනු ඇතයි බලාපොරොත්තු වෙනවා.



