රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ LNW :
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි .
ඒ අනුව, ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් පාසල් දින කප්පාදු කිරීමට මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියි.
සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සතියකට දින හතරක් පාසල් පැවැත්වීමට බලධාරීන් අපේක්ෂා කරන බවද සඳහන් වේ.
විභාග කටයුතුවලදී සිසුන්ට සහ ගුරුවරුන්ට ඇතිවන පීඩනය අවම කිරීම සඳහා අප්‍රේල් මස මුල් සතිය දක්වා අධ්‍යයන වාරය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට රජය සැලසුම් කර ඇත.
මෙමගින් අපේක්ෂා කරන්නේ රටේ පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමයි.




