තෙදින නිල සංචාරයක් සඳහා ADB සභාපති දිවයිනට!

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.

සිය සංචාරය ආරම්භ කරමින් ඔහු කොළඹ වරාය පාලක මැදිරිය නිරීක්ෂණය කරන අතර පෞද්ගලික අංශයේ ප්‍රධානීන් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම ස්වභාවික විපත්වලින් සිදු වූ හානි නිරීක්ෂණය කිරීමට සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය හමුවීමට ද සැලසුම් කර තිබේ.

මෙම සංචාරයේ වැදගත්ම අවස්ථාව වන්නේ ඔහු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවයි.

රටේ සංවර්ධන ක්‍රියාවලියට අදාළ මෙම වැදගත් කටයුතු නිමවා ඔහු පෙබරවාරි 25 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇත.

මෙම කෙටි සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව දක්වන සහයෝගීතාව තවදුරටත් තහවුරු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...