රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නෑ – තියපු විභාගවල ප්‍රතිඵලත් අත්හිටුවයි

Date:

රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා වන කිසිදු විභාගයක් මින් ඉදිරියට නොපවත්වන ලෙස මුදල් අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මීට අමතරව මෑත කාලය තුළදී පැවති බඳවා ගැනීමේ තරග විභාගවල ප්‍රතිඵලද අත්හිටුවන ලෙස දැනුම් දී තිබෙනවා.

පවත්නා මුල්‍ය අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමද අර්බුදයට ගොස් ඇති අතර මේ නිසා රාජ්‍ය සේවකයන් අඩු කිරීමේ උත්සාහයක රජය නිරතව සිටී.

මෙම තීරණය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී පැවති, රජයේ පාසල් සඳහා සෞන්දර්ය, ගෘහ ආර්ථික විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරුන් තෝරා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. අදාල විභාගයේ ප්‍රතිඵල නිකුත් කළහොත් බඳවා ගැනීම් සිදුකළ යුතුව තිබෙන බැවින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස මෙතෙක් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී නොමැති බව අධ්‍යාපන බළධාරීන් පවසනවා.

මෙම වසරේ අයවැය යෝජනාවලට අනුවයි රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...