ආරක්ෂාව සහතිකයි නම් ගෝඨා ගෙදර එන්න සූදානම් – රොයිටර්

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණීම තවත් සති දෙකකින් පමණ ප්‍රමාද වනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මීට පෙර හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් මාධ්‍ය වෙත පවසා තිබුණේ 24 වැනිදා ඔහු දිවයිනට පැමිණෙන බවයි. කෙසේ නමුත් ඔහුගේ ගමන ප්‍රමාද වන බව පසුව වාර්තා විය.

ලබන සැප්තැම්බර් මුල් සතියේදී රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා කරන රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම් ඊට පෙර වුවද ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.

තායිලන්තයේ ජීවත් වීම වියදම් අධික වීම හිටපු ජනාධිපතිවරයාගේ ලංකා ගමන ඉක්මන් කිරීමට හේතු වී ඇති බවද රොයිටර් වාර්තා කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?