කොලොම්බියානු හමුදා ගුවන් යානා අනතුරින් 66ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක මාර්තු 24 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කොලොම්බියාවේ පුටුමායෝ පළාතේ සිදුවූ දරුණු හමුදා ගුවන් යානා අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 125 දෙනෙකු රැගෙන ගිය සී-130 හර්කියුලිස් යානය ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටීම නිසා අවම වශයෙන් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.

මෙම සිදුවීම පිටුපස කිසිදු සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයක් නොමැති බව එරට ආරක්ෂක අංශ තහවුරු කර ඇති අතර, එය හුදෙක් තාක්ෂණික හෝ හදිසි අනතුරක් බව වාර්තා වේ.

තුවාල ලැබූවන් ප්‍රදේශයේ සායන වෙත යොමු කර ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බොගෝටා අගනුවර වෙත ගුවන් මගින් රැගෙන ගොස් තිබේ.

අතුරුදහන් වූ පිරිස් සෙවීම සඳහා සහ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව මෙම මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ ඇමසන් වනාන්තරයට ආසන්න දුෂ්කර ප්‍රදේශයක බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...