ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් කලාපයේ ස්වෛරීත්වයට එල්ලවන තර්ජන…

රෂිකා හෙන්නායක මාර්තු 25 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

 ගල්ෆ් සහයෝගිතා මණ්ඩලයේ රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉරානයට එරෙහිව ඉදිරිපත් කළ බරපතල චෝදනා පිළිබඳ වාර්තා වේ.

ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ, ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර තම රාජ්‍ය ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව සවුදි අරාබිය, කටාර් සහ කුවේට් යන රටවල් අවධාරණය කරයි.

මෙම ප්‍රහාර හේතුවෙන් කලාපීය ආරක්ෂාවට මෙන්ම බලශක්ති සහ ජල සැපයුම් වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව එහි සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා පවසන්නේ මෙම ගැටුම මුළු මැදපෙරදිගම විනාශකාරී ව්‍යසනයක් කරා ඇද දමමින් පවතින බවයි.

ගල්ෆ් කලාපීය රටවල් දැන් බලාපොරොත්තු වන්නේ සාම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වෙමින් තම රටවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කර ගැනීමටයි.

පවතින යුද්ධය වහාම නතර කර කලාපීය සාමය උදා කිරීමට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක බලවතුන්ගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...