බ්‍රිතාන්‍යයේ බල ශක්ති අර්බුදය, අවධානම් සහිත වසංගතයකට වඩා බලවත් වෙමින් ඇත.

Date:

එක්සත් රාජධානිය මේ වන විට බරපතල අවධානම් සහගත බලශක්ති අර්බුදයකට මුහුණ දී ඇති අතර මීළඟ ශීත සෘතු තුළ ගෑස් සහ විදුලි පිරිවැය දරා සිටීමට රජයට පවුම් බිලියන 100කට (ඩොලර් බිලියන 118ක්) වැය වන බවට ගණන් බලා ති‌බේ. එය වසංගතය තුළ මිලියන ගණනකගේ වැටුප් ගෙවීමට වැය කළ මුදලට වඩා වැඩි බව අනාවරණය වේ.

ඒ අනුව සාමාන්‍ය වාර්ෂික බිලිපත් මේ වන විට 54% කින් ඉහළ ගොස් ඇත. රුසියාව ද එක්සත් රාජධානියට බලශක්ති ප්‍රභවයන් සැපයීම ප්‍රතික්ෂප කර ඇති අතර රට බරපතල ගැටලුවකට මුහුණ දීමට නියමිත බව වද්වතුන් පුරෝකතනය කර ඇත. ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් බදාදා නිකුත් කරන ලද දත්ත වලට අනුව රුසියාවෙන් එක්සත් රාජධානිය කිසිදු ඉන්ධන ආනයනය නොකළ බව වාර්තා වූ පළමු මාසය ජුනි මාසය බවට වාර්තා අනාවරණය වේ.

මෙම වසර මුලදී, එක්සත් රාජධානියේ බලශක්ති බිල්පත් වලින් 90% කින් කුටුම්භ ආරක්ෂා කිරීමට උත්සාහ දරා ඇති අතර ඊට සාපේක්ෂව ගෑස් සහ බලශක්ති මිල ගණන් ඉහළ ගොස් ඇත. මේ වෙනුවෙන් රජයේ මැදිහත් වීම අත්‍යාවශ්‍ය වන අතර රජය මැදිහත් නොවන්නේ නම් සාමාන්‍ය ගෘහස්ථයක් ස්වභාවික ගෑස් සහ විදුලිය සඳහා වසරකට පවුම් 6,433 ($7,579) තරම් මුදලකින් ඉහළ යනු ඇත. ඒ අනුව බ්‍රිතාන්‍යයේ බල ශක්ති අර්බුදය හදිසි අවධානම් සහිත වසංගතයකට වඩා බලවත් වෙමින් ඇත.

ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපාය මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකට අනුව රජය විසින් ශීත ඍතුවේ බලශක්ති බිල්පත් සඳහා පවුම් 400 ක වට්ටමක් ලබා දී ඇති අතර වඩාත් අවදානමට ලක්විය හැකි කුටුම්භ මිලියන අටකට අමතර ආධාර පවුම් 1,200 ක් ද ලබා දී ඇත. කිසිදු රජයකට ගෝලීය ගෑස් මිල පාලනය කළ නොහැකි වුවද, මේ වන විට මිලියන 22 කට වැඩි ගෘහ ඒකක මිල සීමාවෙන් ආරක්ෂා කර ඇති අතර එය දිගටම පවතින බවද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ්ටුඩ්ඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...