සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පෙබරවාරි මස 28වන දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය සමඟ යුද්ධය ආරම්භ කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ලොව පුරා අර්බුධ රැසක් ඇති කිරීමට හා එදිනෙදා ජන ජීවිතය අඩාල කිරීමට හේතු වී ඇත.
මෙත් සමඟ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර කොටස් වෙලඳපොලවල් දෙදරුම් කමින් පවතින අතර සියලු තෙල් වලින් 20% ක් පමණ ගමන් කරන ඉරානය ප්‍රධාන ජල මාර්ගය නැවත විවෘත කිරීමට ඉඩ දෙන්නේ කවදාදැයි ලෝකය බලා සිටී.
හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් හා ගෑස් වලින් 90% ක් පමණ ආසියානු රටවලට පැමිණෙන බැවින් ලෝකයේ කොතනකටත් වඩා එය ආසියාවට බලපෑම් කරමින් ඇත.
ආසියානු රටවල මේවන විට රජයන් සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට, වැඩ කරන සතිය කපා හැරීමට, ජාතික නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට සහ ඔවුන්ගේ සැපයුම් සංරක්ෂණය කිරීම සඳහා විශ්ව විද්‍යාල කලින් වසා දැමීමට නියෝග කර ඇත.
2022 දී විදේශ සංචිත අවසන් වී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට සහ ප්‍රමාණවත් ඉන්ධන මිලදී ගැනීමට පවා අසීරු වූ ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රමයෙන් යථා තත්වයට පැමිණෙන බවක් පෙනෙන්නට තිබුණමුත් මුදල් තිබෙනමුත් මිලදී ගැනීමට තෙල් නොමැති තත්වයක් දක්නට ලැබේ. රටතුල මේ වන විට ඉන්ධන සලාක ක්‍රමයකට ලබා දෙමින් පවතින අතර බදාදා අනිවාර්ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. රටේ ජනතාව මේ වන විට ගෑස් හිගය හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමක් පිලිබඳ අවිනිශ්චිත තත්වයකට මුහුණ දී සිටියි.
පිලිපීනයේ මේ වන විට බලශක්ති සැපයුමේ ලබා ගැනීමේ හැකියාවමත ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර ධීවරයින් සහ ගොවීන් ද අධික ඉන්ධන පිරිවැයකට මුහුණ දී සිටියි. ඉන්ධන සලාක ක්‍රමයක් රටතුල ක්‍රියාත්මක වෙමින් පැවති අතර සමහර ගොවියන් සිය ගොවිතැන් නවතා දමා ඇති අතර පිලිපීන වැසියන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, වසංගත කාලයට වඩා දැන් අපගේ තත්වය නරක බවයි.
තායිලන්තය ද මේ වන විට ඉන්ධන සලාක ක්‍රමයකට යොමු වී ඇති අතර සියලුම රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට නියම කර ඇත.
2021 මැයි මාසයේ සිට සිවිල් යුද්ධයෙන් ගිලී ඇති මියන්මාරයේ, ඉන්ධන සංරක්ෂණය කිරීමට උත්සාහ කරන බැවින්, මිලිටරි සහාය ලත් බලධාරීන් පෞද්ගලික වාහන සඳහා විකල්ප දින ප්‍රතිපත්තියක් ගෙනැවිත් තිබේ. ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන සඳහා නව කළු වෙළඳපොළක් මතුවිය හැකි බවට ඔහු බිය වන අතර එය භාණ්ඩවල මිල ඉහළ යාම පිළිබඳ කනස්සල්ලට හේතු වී ඇත.
හොමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලොව වඩාත්ම ජනාකීර්ණ රට පෙබරවාරි 28 සිට මැද පෙරදිග සිදුවීම්වලින් දැඩි ලෙස බලපා ඇත. ඉන්දියාවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) වලින් 60% ක් පමණ ආනයනය කරනු ලබන අතර, එම නැව්ගත කිරීම් වලින් 90% ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරේ, ගල්ෆ් කලාපයේ මිලියන 10 ක් වන ඉන්දියානු ප්‍රජාව යුද්ධයේ සෘජු ප්‍රතිවිපාක සමඟ කටයුතු කරමින් සිටින අතර නිවසේ තෙල් හා ගෑස් හිඟයේ බලපෑම් නිවාස සහ ව්‍යාපාර යන දෙකටම දැනෙමින් පවතී.
බටහිර ගුජරාත් ප්‍රාන්තයේ, තෙල් වෙනුවට ගෑස් හිඟයක් හේතුවෙන් කලාපයේ පිඟන් මැටි කර්මාන්තය මේ වන විට මාසයක් පුරා වසා දමා ඇති අතර ඉරාන ගැටුමට අවසානයක් නොපෙනෙන බැවින්, වෙළඳාමේ යෙදී සිටින 400,000 ක ජනතාවක් අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.
යුද්ධය සැතපුම් දහස් ගණනක් ඈතින් සිදුවන මුත්, ආසියාව පුරා සිටින ජනතාවගේ එදිනෙදා ජිවිතයට සිදුවන බලපෑම නම් සුළුපටු නොවේ.



