ඉරාන නාවික හමුදාපති Alireza Tangsiri ඝාතනය වෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 26 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයාට අනුව, ඉරාන විප්ලවීය බලකායේ නාවික හමුදාපති අලිරේසා ටැංසිරි ගුවන් ප්‍රහාරයකින් ඝාතනය කර ඇත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට සෘජුවම සම්බන්ධ වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, මෙම ප්‍රහාරයෙන් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මියගිය බව පැවසේ.

ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් මධ්‍යයේ ඉරානයේ උත්තරීතර නායකයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් රැසක් පසුගිය කාලය තුළ ඝාතනයට ලක්ව තිබේ.

මෙම පුවත සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති වුවද, මෙය එරට හමුදා ශක්තියට එල්ල වූ දරුණු පහරක් ලෙස සැලකේ.

මීට අමතරව, ඊශ්‍රායල හමුදා විසින් කැස්පියන් මුහුදේ පිහිටි ඉරාන නාවික යුද නැව් ඉලක්ක කරගනිමින් මෑතකදී ප්‍රහාර මාලාවක් ද දියත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...