හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දී ඇති අවසන් දිනය ට්‍රම්ප් දින 10 කින් දීර්ඝ කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දුන් කාලය අප්‍රේල් මස 6 වන දා දක්වා දින 10 කින් දීර්ඝ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා ඊයේ(26) දිනයේදී සිය සමාජ මාධ්‍ය වේදිකාව හරහා මේ බව ප්‍රකාශ කර තිබු අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඉරානය සමඟ සාකච්ජා ඉතා හොඳින් සිදුවන බවත්, ව්‍යාජ ප්‍රවෘත්ති මාධ්‍ය සහ අනෙකුත් අය විසින් ප්‍රතිවිරුද්ධ වැරදි ප්‍රකාශ තිබියදීත් ඒවා ඉතා හොඳින් සිදුවන බවත්, ඉරාන රජයේ ඉල්ලීම පරිදි 2026 අප්‍රේල් 6 වන සඳුදා දක්වා ඉරානයේ බලශක්ති බලාගාර විනාශ කිරීමේ කාලය නවතා දමන බවත්ය.

මීට පෙර, එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉරාන නායකයින්ගෙන් ඉල්ලා සිටියේ මාසයකට ආසන්න කාලයක් පවතින යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කරන ලෙසත්, එසේ නොමැතිනම් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතරතුර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තවදුරටත් ඝාතනය කිරීමට මුහුණ දෙන ලෙසත්ය.

කෙසේ නමුත්, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් හා ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කර තිබුණේ, ඉරානය ඇමරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්, ජනධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...