අල්ලස් නඩුව : බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර අධිකරණයට

සටහන – රුවන් නෙළුගොල්ල

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ.

නඩු කටයුත්තක් සඳහා ඔහු මෙසේ අධිකරණයට පැමිණ ඇත.

කුමාර ජයකොඩි මහතා 2015 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පෞද්ගලික සමාගමකට වාසි සහගත වන අයුරින් කටයුතු කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 88කට අධික මුදලක් පාඩුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබූ අතර ඔහුට අද (27) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ද නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...