අනුර ජනපතිතුමනි, ඔබට ස්තූතියි. රනිල් දැන් සුවෙන්

හෘද සැත්කමකට භාජනය වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට බොහෝදුරට සුවය ලබා ඇති බව වාර්තා වේ.

මෙම සැත්කම සිදුකරගැනීමට හැකිවීම සම්බන්ධයෙන් සම්පූර්ණ ස්තූතිය ලැබිය යුතුව ඇත්තේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ පැලවත්ත ජවිපෙ කාර්යාලයට බවයි වික්‍රමසිංහ මහතාට සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

මන්දයත්,

වික්‍රමසිංහ මහතාට හෘද රෝගී තත්වයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වසර කිහිපයක් තිස්සේම අනතුරු හඟවා තිබුණු නමුත් ඔහු ඊට නිසි ප්‍රතිකාරයක් කරගැනීමට උනන්දු වී නැත. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොතෙක් කොයි ආකාරයෙන් කීවත් රනිල් අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා වෛද්‍යවරුන් හමුවීමට ගොස් ද නැත. ඇත්තෙන්ම වත්මන් පාලනය යටතේ රනිල්ට නඩුවක් ගොනුකර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත නොකළේ නම් ඔහු කීයටවත් මේ ආකාරයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන්නේත් නැත.

නමුත් ඔහුව සිරගත කිරීම නිසා එතෙක් මගහැරුණු වෛද්‍ය පරීක්ෂණ සියල්ල සිදුකර ගැනීමට ඔහුට සිදුවුණු අතර ශල්‍යකර්මයක් සිදුකිරීමට අත්‍යාවශ්‍ය බව තහවුරු කෙරුණේ එහිදී ය.

එසේ නොවිණි නම් රනිල් කරන්නේ සුපුරුදු පරිදි හෘද රෝග පිළිබඳ කුමක් හෝ කමිටුවක් හෝ පත්කර ඔය වැඩේත් කල්දැමීම ය. කෙසේවෙතත් වෛද්‍යවරුන්ගේ රෝග විනිශ්චයෙන් පසු මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ දැඩි උත්සාහය මත රනිල්ව සිංගප්පූරුවට රැගෙන ගොස් අදාළ සැත්කම සිදුකර ගැනීමට හැකිවිය.

ඒ අනුව මෙහි සම්පූර්ණ ස්තූතිය හිමිවිය යුත්තේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ පැලවත්ත කාර්යාලයට ය.

සැත්කමින් පසු සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට යළිත් ඇවිදීමට ද පටන්ගෙන ඇති බවත් ආරංචිමාර්ග පැවසීය. ඒ අනුව 76 වසරක ශාපයේ හදවත් රෝගය අවසන් කර අලුත් මට්ටමේ හදවතක් සමගින් ඔහු ඉදිරි සතිය හෝ දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...