කටුනායකදී අත්අඩංගුවට පත් රුපියල් කෝටියක නීතිවිරෝධී දුම්වැටි ජාවාරම

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ LNW :

කටුනායක ගුවන් තොටුපොළේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ චීන ජාතිකයන් තිදෙනෙකු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

සැකකරුවන් සතු වූ ගමන් මලු කිහිපයක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ දුම්වැටි අසූ අටදහසක් එහිදී සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත් විදේශිකයන් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන්නන් බවට අනාවරණය වී තිබේ.

දැනට රඳවාගෙන සිටින මෙම පිරිස සම්බන්ධයෙන් රේගු බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...