LNW (කොළඹ): බැංකුවේ දෙදින වැඩවර්ජනය හා මහ බැංකුවේ ක්‍රියාමාර්ග මත HDFC බැංකුව ඇතුලු බැංකු පද්ධතිය මත උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ලංකාබැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් HDFC බැංකුව වෙත සිමා කිරීම් පනවා වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇති අතර එමසීමා කිරීම් ඉවත් කරගනිමින් බැංකුව නිසි පරිදි මෙහෙයවීමටබැංකු පාලනාධිකාරිය මේ දක්වා අපොහොසත් වී ඇත. මෙම සීමාකිරීම් හේතුවෙන් බැංකුවේ ප්‍රධාන ණය නිෂ්පාදනය වන දේපළ උකස් ණය ලබාදීම අත්හිටුවා ඇති අතර තවත් සීමාකිරීම්ගණනාවක් පනවා ඇත. එමෙන්ම සේවක අයිතිවාසිකම් ගණනාවක්ද කප්පාදු කිරීමට HDFC බැංකු පාලනාධිකාරිය කටයුතු කර ඇත. බැංකුවේ අනාගතය සුරක්‍ෂිත කිරීමට සහ කප්පාදු කරන ලදසේවක අයිතිවාසිකම් දිනාගැනීම සඳහා මේ වනවිට HDFC බැංකුවේ සේවක මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙතයොමුවී ඇති අතර මාර්තු 25 සහ 26 යන දෙදින තුළ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර ඇත. HDFC බැංකුව ලංකා බැංකුවේඅනුබද්ධිත ආයතනයක් බවට පත් කිරීමට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එම ක්‍රියාවලිය ආරම්භ කරනතෙක් බැංකුව නිසි පරිදි පවත්වාගෙන යන ලෙසත්, කප්පාදුවට ලක්කරඇති සේවක අයිතිවාසිකම් ලබාදෙන ලෙසත් බල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කර ඇත.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සුපරීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂවරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බැංකුපද්ධතිය තුළ ගැටලු ගණනාවක් මතු වී ඇත. විශේෂයෙන්ම රාජ්‍යබැංකුවල සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩල ධූර, ප්‍රධාන විධායකනිලධාරී, සහ ආයතනික කළමනාකාරිත්වයේ ඇතිවන පුරප්පාඩුපිරවීම සඳහා අත්‍යවශ්‍ය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුකූලතා සහතිකය (Fit & Proper Certificate) ලබාදීම අසාමාන්‍ය ලෙසප්‍රමාද කිරීම මෙන්ම වෘත්තීමය නොවන ආකාරයට කටයුතු කිරීමතුළ එම බැංකුවල කටයුතු සුමටව පවත්වාගෙන යාමට නොහැකිතත්වයක් උද්ගත වී ඇත.
ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී පත්කිරීම, ජාතික ඉතිරිකිරීමේබැංකුවේ සාමාන්‍යාධිකාරී ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් කීපදෙනෙක් පත්කිරීම, මහජන බැංකුවේ නියෝජ්‍ය හා සහකාරසාමාන්‍යාධිකාරීවරු ගණනාවත් කිරීම, HDFC බැංකුවේසභාපතිවරයෙකු පත්කිරීම, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේනියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීම සිදුනොවී පවතිනඅතර මේ හේතූන් නිසා එම පත්වීම් ලද නිලධාරීන් මෙන්ම අදාළබැංකු ද බරපතල අර්බුදයන්ට පත්වෙමින් පවතී.
මෙසේ තිබියදී සමහර බැංකුවල සමහර නිලධාරීන්හට පැහැදිලිවහෙළිදරව් වූ චෝදනා හා අඩුපාඩු තිබියදී ඉතා කඩිනමින් අනුකූලතාසහතික ලබාදුන් අවස්ථා ද දක්නට ලැබෙන අතර ඒ තුළින් මෙමතීන්දුවල විනිවිදභාවය සහ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අපක්‍ෂපාතීභාවය පිළිබඳව බරපතල සැක සංකා මතු වී ඇත.
එබැවින් HDFC බැංකුවේ අයහපත් තත්වය පිළිබඳ අවධානය යොමුකර, එය නිසි මගට යොමු කිරීමටත්, කප්පාදුවට ලක්කර ඇතිසේවක අයිතිවාසිකම් ලබාදීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකුසුපරීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂිකාවගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කරමින් නිසිමැදිහත්වීම් සිදුකරන ලෙසත් ලංකා බැංකු සේවක සංගමය සියලු වගකිවයුතු බලධාරින්හට අවධාරණය කර සිටී.
සුජේව සේනරත්

