Home විදෙස් ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිමා කිරීමට පකිස්ථානය, ඊජිප්තුව, සෞදි අරාබිය...

ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිමා කිරීමට පකිස්ථානය, ඊජිප්තුව, සෞදි අරාබිය සහ තුර්කියේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් පෙරමුණ ගනියි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිමාකර සම්මුතියකට ගෙන ඒමට පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී අද(29) තුර්කියේ, සෞදි අරාබියේ, ඊජිප්තුවේ සහ පකිස්ථානයේ විදේශ අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් සාකච්ජා ඇරඹි තිබේ.

පකිස්ථානය මේවන විට ඉරානය සහ එක්සත් ජනපදය අතර මධ්‍යම මැදිහත්කරු වශයෙන් කටයුතු කරන අතර රැස්වීමට පැය කිහිපයකට පෙර, පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ විනාඩි 90 ක දුරකථන ඇමතුමක් ද පවත්වා ත. එය දින පහකින් ඉරාන නායකයා සමඟ ඔහුගේ දෙවන සංවාදය බව කියවේ.

පකිස්ථානය, ඊශ්‍රායල ප්‍රහාර හෙළා දැක ඇති අතර ඉරාන යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් ගල්ෆ් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත. ඉස්ලාමාබාද්හි පැවැත්වෙන සාකච්ඡාවලට එක්සත් ජනපද හෝ ඉරාන නිලධාරීන් ඇතුළත් නොවේ.

වත්මන් සම්බන්ධතා පැවතුනහොත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අතර සාකච්ඡා දින කිහිපයක් ඇතුළත, සමහර විට පකිස්ථානයේදී සිදුවිය හැකි බව නිලධාරීන් යෝජනා කර ඇති මුත් මේ වන විට ටෙහෙරානයේ ඉල්ලීම් අතරට සතුරුකම් අවසන් කිරීම, හානි සඳහා වන්දි ගෙවීම, අනාගත ප්‍රහාරවලට එරෙහිව සහතික වීම සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ එහි උපායමාර්ගික ලීවරය පිළිගැනීම ඇතුළත් වේ.