Home විදෙස් ලෙබනන යුද්ධයට එක් වූ ඊශ්‍රායල පාපන්දු ක්‍රීඩකයාට ජාත්‍යන්තර විරෝධයක්…

ලෙබනන යුද්ධයට එක් වූ ඊශ්‍රායල පාපන්දු ක්‍රීඩකයාට ජාත්‍යන්තර විරෝධයක්…

රෂිකා හෙන්නායක මාර්තු 29 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉශ්‍රායල පාපන්දු ක්‍රීඩකයෙකු වන මෙනෂේ සල්කා දකුණු ලෙබනනයේ හමුදා ප්‍රහාර සඳහා සක්‍රීයව දායක වීම හේතුවෙන් මතුව ඇති ජාත්‍යන්තර විරෝධය පිළිබඳව විදෙස් මාධ්‍ය කරුණු ඉදිරිපත් කරයි.

හමුදා නිල ඇඳුමින් සැරසී සිටින ඔහු වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝවක් ප්‍රසිද්ධ වීමත් සමඟ, ඔහුව සහ ඉශ්‍රායල පාපන්දු සංගමය ක්‍රීඩාවෙන් තහනම් කරන ලෙස පාපන්දු ලෝලීන් හා නිලධාරීන් FIFA ආයතනයෙන් ඉල්ලා සිටියි.

මීට පෙර ගාසා තීරයේ යුද කටයුතුවලට ද සම්බන්ධ වී ඇති මෙම ක්‍රීඩකයාගේ ක්‍රියාකලාපය මානව හිමිකම් සහ ක්‍රීඩා ආචාරධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස විවේචකයෝ පෙන්වා දෙති.

ලෝක පාපන්දු පාලක මණ්ඩලය වෙනත් රටවලට එරෙහිව පියවර ගත්තද ඉශ්‍රායලය සම්බන්ධයෙන් අනුගමනය කරන නිහඬ පිළිවෙත මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

මෙමගින් අවධාරණය කරන්නේ දේශපාලන සහ යුදමය ගැටුම් වෘත්තීය ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහි එල්ල කරන බලපෑමයි.