“යුරෝපයට බලපා ඇති නියඟය වසර 500ක් අතීතයට අපව රැගෙන යමින් ඇත”-යුරෝපා කොමිසම

Date:

යුරෝපීය කොමිසමේ පර්යේෂණ අංශයේ කොටසක් වන ගෝලීය නියඟ නිරීක්ෂණාගාරය විසින් පසුගිය දා එළිදක්වන ලද නවතම වාර්තාව පවසන්නේ පවතින දැඩි උෂ්ණාධික නියං කාලගුණ තත්වය හේතුවෙන් මහාද්වීපයේ 47%ක් පමණ අනතුරු ඇඟවීමේ තත්ත්වයක පවතින බවයි. පස දැඩිව වියලිව ඇත. මීට අමතරව වර්ෂාව නොමැතිකම හේතුවෙන් 17%ක් පමණ රටවල වෘක්ෂලතාදීය කෙමෙන් විනාශවන බවට ද අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබේ.

ඒ අනුව යුරෝපයේ තුනෙන් දෙකක්ම යම් ආකාරයක නියඟ අනතුරු ඇඟවීමක් යටතේ පවතී, එය වසර 500 තුළ සිදු වූ දරුණුතම සිදුවීම විය හැකිය. ඒ අනුව කොමිසම විසින් මූලික දත්ත වලට අනුව වර්තමානයේ පවතින නියඟය අවම වශයෙන් වසර 500 කට පසුව ඇති දරුණුතම නියඟය බවට පුරෝකතනය කර ඇත.

මෙම පර්යේෂණ වාර්තාවට අනුව අස්වනු අඩුවීම හා ලැව් ගිනි ඇතිවීම අවධානම බරපතල ලෙස යුරෝපයේ දකුණු දිග ජාතීනට බලපානු ඇත. මෙම තත්වය පසුගිය වසර 500කට අධික කාලයට සාපේක්ෂව බඩ ඉරිඟු වගාවේ අස්වැන්න 16%කින් ද, සෝයා බෝංචි 15%කින්ද, සූරියකාන්ත වගාව 12%කින්ද අඩු වේ. එමෙන්ම කාලගුණික විපර්යාස හේතුවෙන් අරතිවන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර විනාශ වීම හේතුවෙන් යුරෝපයේ ගංඟා සිඳී යාමේ ප්‍රවණතාවක් ඇත. ගංඟා සිඳීයාම බරපතල ලෙස බලශක්ති මූලයන් කෙරේ බලපාන අතර ජල විදුලිය නිපදවීම 20%කින් අහිමිවනු ඇත.

පර්යේෂණ කොමසාරිය් මාරියා ගේබ්‍රියෙල් මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබුණේ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් පවතින ලැව්ගිණි ඇතිවීමේ අවධානම ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්වය බරපතල ලෙස ඉතාලිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග්, රුමේනියාව, හංගේරියාව, උතුරු සර්බියාව, යුක්රේනය, මෝල්ඩෝවා, අයර්ලන්තය සහ එක්සත් බලපෑම් කරනු ඇති බවයි.

එක්සත් රාජධානියේ මේ වන විට අධික ඉඩෝරය හේතුවෙන් සරත් සෘතුව පැමිණියා මෙන් ගහ කොළ රතට හුරුව ඇත. මේත් සමඟ සතවර්ෂ ගණනාවකට පෙර මිහිදන් වූ නටඹුන් ලෝකය පුරා නැවත නැවත මතුවෙමින් තිබේ. මේවා ඓතිහාසික නියඟ කාලවලදී ඒවායේ මට්ටම් සලකුණු කිරීම සඳහා කැටයම් කර ඇති අතර සහ ඒවා දෘශ්‍යමාන වන සෑම අවස්ථාවකම එළඹෙන සාගතයන් සහ දුෂ්කරතා පිළිබඳ අනාගත පරම්පරාවන්ට අනතුරු අඟවයි.

ජර්මනියේ එල්බේ ගඟේ පර්වතයක් මත ඇති ශිලා ලේඛණ මතුව ඇති අතර මේවා සාගිනි ගල් වශයෙන් හැඳින්වේ. 2013 දී චෙක් පර්යේෂකයන් මෙම ගල විස්තර කළේ නියඟයෙන්, අස්වැන්නක්, ආහාර හිඟයක්, ඉහළ මිලක් සහ දුප්පත් මිනිසුන්ගේ කුසගින්න ගෙන ඒමක් වශයෙනි.
මීට අමතරව බැස යන ජලය සමඟ දෙවන ලෝක යුද්ධයේන් අනතුරුව දිගු කලක් සැගව සිටි රෝම කඳවුරුවල සිට අවතාර ගම්මාන සුන්බුන් වැනි කෞතුක වස්තු රැසක් නැවත නැවත ඉතිහාසය මතක් කර දෙමින් ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...