*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

තාක්ෂණික දැනුමෙන් අපේ ආරක්ෂක හමුදාව සන්නද්ධ කළ යුතුයි – ජනපති රනිල්

අනාගතයේදී භූමියේ, ගුවනේ , මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ද සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් අපේ විරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

සාර්ථක හමුදාවක් බිහි කිරීමට විනයක්, පුහුණුක් හා දැනුමක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ සියලු කාරණා මේ වන විටත් ඉටු කරමින් සිටින බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාල වර්ණ ප්‍රදානය සිදු කිරීම වෙනුවෙන් ඊයේ (25) පස්වරුවේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් පිරිනැමුණු අතර ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාල ධජ වර්ණ සඳහා සර්ව ආගමික ආශිර්වාදයක් ද පැවැත්විණි.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්ව විද්‍යාලීය වර්ණ ප්‍රදානය සිදු කළේය.

පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල ධජ හා වර්ණ පිළිගැන්වීම සිදු කරනු ලැබීය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල වළව්වේ පිහිටි කෞතුකාගාරය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබීය.
ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“අද ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය දෙස් විදෙස්හි විශාල කීර්තියකට ලක්ව තිබෙනවා. ආරක්ෂක විශ්ව විද්‍යාලයක් ලෙස ඔබේ හැකියාව පෙන්වා දී තිබෙනවා. ත්‍රස්තවාදය අවසාන කාලයේ සටන් කළ නිලධාරින් ගණනාවක් මේ විශ්ව විද්‍යාලයෙන් පිට වූ අය. එසේනම් මෙම විශ්ව විද්‍යාලය අප ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම දක්ෂ නිලධාරින් අපේ ත්‍රිවිධ හමුදාවට එක් කිරීමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

මේ විශ්වවිද්‍යාලය ඉතා වැදගත් එකක්. හමුදාවක් ගෙනියනවනම් ඒ හමුදාව රදා පවතින්නේ එහි නායකත්වය මත. ඒ වගේම එම හමුදාවට විනය අවශ්‍යයයි. විනයක් නැතිව හමුදාවක් ඉදිරියට ගෙනයන්න බැහැ. විනයක් සමග තමයි හමුදාවකට ඉදිරියට යා හැක්කේ. ඒ වගේම විනයෙන් පමණක් හමුදාව ගෙනියන්න බැහැ. විනය සමග පුහුණුවත් අවශ්‍යයි. විනයයි, පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ හමුදාවට දැනුම තිබෙන්න ඕනැ. යුද දැනුම, ප්‍රදේශයේ දැනුම තිබෙන්න ඕනැ. ඒ දැනුම සමග තමයි සාර්ථක වෙන්නේ. මෙතන සිටින නායකයන්ට විනයත්, පුහුණුවත්, දැනුමත් ලබා දෙනවා. එතනින් හමුදාව තම තමන් අයිති බලඇණිවලට, අනෙක් අංශවලට නායකත්වය ලබා දෙනවා. සමහරු හමුදාපතිවරු බවට පත් වෙයි. අනෙක් අය මේ උපාධිය සමග විවිධ අංශවලට ගොස් සේවය කරයි”.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචර්ය සම්පත් අමරතුංග මහතා සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරු ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan