මලල ක්‍රීඩාවෙන් තේරීම් – සුගතදාසෙන් පැන්නීම්

Date:

සැප්තැම්බර් 14 සහ 16 දිනවල පැවත්වෙන ජෝන් ටාබට් තරගාවලියේ අවුරුදු 18 න් පහළ මලල ක්‍රීඩා ඉසව්, ඔක්තෝම්බර් 13 – 17 දක්වා කුවේට් හී පැවත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන තේරීම් බව මලල ක්‍රීඩා සංගමය දන්වා ඇතත් යොවුන් මලල ක්‍රීඩකයන්ට නිසි පරිදි පුහුණුවීමට අවස්ථාව සුගතදාස ක්‍රීඩා අධිකාරියේ පාලනය විසින් ලබා නොදීම කණගාටුදායක තත්ත්වයකි.


ක්‍රීඩාංගණය වෙනත් කටයුතු සඳහා ලබා දීමේදී ආසන්නයේ පැවත්වෙන ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තු ඇතිව පුහුණුවන යොවුන් ක්‍රීඩකයන්ට පෙර සූදානම සඳහා ඇති ධාවන පථය හෝ ලබා නොදීමට ක්‍රීඩාංගණ බලධාරීන් කටයුතු කරමින් සිටියි.මලල ක්‍රීඩා සංගමය එක ඉසව්වක හොඳම අටකගේ නම් පුහුණුව සඳහා අවස්ථාව දීමට මලල ක්‍රීඩා බලධාරීන් සුගතදාස අධිකාරියට ඉදිරිපත් කර ඇතත් ඒ සියල්ලටම අවසර දීමද සුගතදාස අධිකාරිය ප්‍රතික්ෂේප කර ඇත.

එම අට දෙනාම කොළඹ පුහුණුව නොකරන තත්ත්වයක මෙසේ පිරිසක් ඉවත් කිරීම තාර්කික නැති අතර හොඳ පුහුණුවක් වැඩි පිරිසකට ලැබීම නිසා ඉසව්වේ තරගකාරී මට්ටම ඉහළ යාම ද,එයින් ඉසව්වේ ප්‍රතිපලය වඩාත් ගුණාත්මක එකක් වීමද සිඳුවන බව සුගතදාස පරිපාලනයට නොවැටහීම ඛේදවාචකයකි.

පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනූවන් ඇගයීමේ උළෙලට එක්වෙමින් අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ක්‍රීඩාවට සම්බන්ධ සියල්ලගේ සහයෝගය ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍යය බවය.නමුත් අමාත්‍යංශය යටතේ ඇති සුගතදාස අධිකාරියෙන්ම මලල ක්‍රීඩාවට මේ ආකාරයෙන් කෙනහිලි සිදුවීම ලේකම්වරයාගේ අදහසට පටහැනිය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...