ෂෙඩ්වල පෝලිම් නතරකරන්න නම් මෙන්න විසඳුම! (VIDEO)

Date:

ඉන්ධන ලබා ගැනීම සඳහා යළි පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් වෙතින් කරනු ලබන ඇනවුම් නිසි පරිදි ඛනිජ තෙල් සංස්ථාවෙන් නොලැබීම මත වන අතර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තුව ඉවත් කර පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

QR කේතය මඟින් සාර්ථකව ඉන්ධන නිකුත් කරන බවත් ජනතාවගේ ඉල්ලුම වැඩි වී තිබෙන බවත් මෙහිදී රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එහෙත් සංස්ථාව මඟින් අවශ්‍ය පරිදි ඉන්ධන සැපයීමක් සිදුනොවන තත්ත්වයක යළි පෝලිම් ඇති වී තිබෙන බවයි ඔහු කියා සිටියේ.

”පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන්නේ සංස්ථාව තවමත් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව. එම ලයිස්තුවේ සෑම පිරවුම්හලක්ම නැහැ. ඒ නිසා QR කේතය තිබුනත් පිරවුම්හල වෙත ඉන්ධන ලැබෙන්නේ නැහැ. අපි රජයට කියන්නේ QR කේතය අයින් කරලා අවශ්‍ය පරිදි පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන්න. එවිට මෙවැනි පෝලිම් ඇති වෙන්නේ නැහැ

මේ වන විට දිවයින් පුර විසිරි තිබෙන ඉන්ධන පිරවුම් හල් 1150ක පමණ ප්‍රමාණයෙන් දිනපතා 200 – 300 ක් අතර ප්‍රමාණයක් ඉන්ධන නොමැතිකමෙන් වසා දමා තිබෙන බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංගාරාම විහාරය ලෝක මට්ටමේ සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය ලෝක...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...