බැඩිමින්ටන් ප්‍රවීනයෝ ඩොලර් එන සටනකට දින නියම කරයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 02, කොළඹ LNW

ශාන්ත ජෝසප් විද්‍යාල බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී 2026 ජුනි 25 සිට 29 දක්වා පැවැත්වීමට නියමිතය.නිරන්තරයෙන් දෙස් විදෙස් ප්‍රවීන ක්‍රීඩකයින් රැසක් සහභාගි වන මෙම තරගාවලය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය සරු කරන තරගාවලියක් ලෙස ද හැඳින්විය හැකිය.ඩොලර් 15000 ක ජය මල්ලක් සඳහා පැවත්වෙන මෙම තරගාවලියට විදේශ ක්‍රීඩකයන් ආකර්ශණය කර ගැනීම සඳහා විශේෂ වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

කටුනායක ගුවන් තොටුපළේ සිට නවාතැන් ගන්නා නිල හෝටලය වෙත පැමිණිමට මෙන්ම නැවත තරගාවලිය නිමා කර රටින් බැහැරව යාමේදී ද ප්‍රවාහන පහසුකම් සැපයීමට සියල්ල සංවිධානය කර ඇත.එසේම තරග වැදීම සඳහා තරග බිමට රැඟෙන යාම සහ තරග නිමාවේ නැවත හෝටලය වෙත රැඟෙන ඒම සඳහා ද පහසුකම් සළසා ඇත.

කොළඹ නගරයේ පිහිට උස්ම ගොඩනැඟිල්ල වන සංචාරක ආකර්ශණයක් ඇති නෙළුම් කුළුණ ආසන්නයේ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලීය බැඩිමින්ටන් ගෘහස්ත ක්‍රීඩාංගණය පිහිටා තිබීම ද සංචාරකයන්ගේ සිත සතුටු කරන කාරණයක් වනු ඇත.

ශ්‍රී ලංකා බැඩිමින්ටන් ලියාපදිංචිය පමණක් දේශීය ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් නොවන අතර අනිවාර්යෙන් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ බැඩිමින්ටන් සංගමයේ සාමාජිකත්වය ලබා අදාළ අනන්‍යතාවය ඔප්පු කිරීමද වැදගත් වනු ඇත.දේශිය මෙන්ම විදේශිය ක්‍රීඩකයන්ටද ඇතුළත්වීමේ දී අනන්‍යතාවයය සඳහා වන හැදුණුම් පත අවශ්‍යයම කාරණයක් ලෙස සළ

https://portal.ceylonmasters.lk/login වෙත ලියාපදිංචි වී පිවිසීමට හැකියාව ඇති අතර ඒ හරහා තරගාවලියට ඇතුළත්වීමට අවස්ථාව උදා කර ගත හැකිය.මෙම සබැඳිය හරහා ඇතුළත් වීමේදී එම ඇතුළත් වන අවස්ථාවේ දී අවශ්‍යය කරන ඇතුළත්වීමේ ගාස්තු ද ගෙවීම අනිවාර්ය වන අතර එසේ නොවන අයදුම් පත් භාර ගැනීම සිඳු කරන්නේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...