රාජ්‍ය සම්පත් අයථා පරිහරණ චෝදනා මත රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අප්‍රේල් 07, කොළඹ LNW :

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වේ.

ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ආයතනික අනුමැතියකින් තොරව බාහිර සේවකයින් පිරිසක් බඳවාගෙන හිටපු අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත අනුයුක්ත කිරීමයි.

මෙම ක්‍රියාව හේතුවෙන් රජයට අයත් රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන 14.32 ක මූල්‍ය අලාභයක් සිදු කර ඇති බවට කරුණු හෙළි වී ඇත.

රාජ්‍ය සම්පත් අයථා ලෙස පරිහරණය කිරීම සහ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වීම පදනම් කරගනිමින් මෙම නීතිමය පියවර ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශේෂ මහජන දැනුම්දීමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: GovPay නමින් සිදුවන ව්‍යාජ...

ගෝඨා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: පසුගියදා හිටපු ජනාධිපති ගෝඨාභය...

සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08කට ප්‍රවේශ වීමට ශ්‍රීලාංකිකයින්ටත් අවස්ථාව!

කොළඹ LNW:සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්‍ර 08ක් සඳහා ශ්‍රී ලාංකිකයින්ට...