*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

මට මේ ආණ්ඩුවේ අගමැතිකම් ඕනේ නෑ.විපක්ෂයත් එක්ක මම ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී

වත්මන් ආණ්ඩුවේ අගමැතිකම තමන්ට අවශ්‍ය නැති අතර විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසන බලමණ්ඩලය අමතමිනි.

තාමත් පොහොට්ටුවට බහුතරය සිටින හෙයින් මේ ආණ්ඩුව කරන්නේ පොහොට්ටුවේ නායකයන් වන රාජපක්ෂ මහත්වරු බවත් එහෙයින් තමන්ට එවැනි ආණ්ඩුවක අගමැතිකමක් අවශ්‍ය නැති බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.

ආණ්ඩුවේ මැති ඇමතිකම් ගැනීම පිළිබඳ පක්ෂයක් ලෙස තීරණ ගෙන නොමැති අතර ආණ්ඩුවට එක් වූ ඇතැමුන් එය පක්ෂයේ තීන්දුවක් ලෙස පැවසුවද එය ඔවුන්ගේ පෞද්ගලික තීන්දු බව සිරිසේන මහතා කියා සිටියේය.

”ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න එක පිළිබඳව කිසිම තීරණයක් ගෙන නැහැ. මධ්‍යම කාරක සභාවත් පක්ෂයවත් එහෙම තීරණයක් ගෙන නෑ. සමහර ආණ්ඩුවට ගිය අය මාධ්‍යට කියනවා අපි ගියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවසර අරන් කියල. තවත් අය කියනවා පක්ෂය අනුමැතිය අරන් කියලා. මේවා බොරු.
මධ්‍යම කාරක සභාවේ දී නිමල් සිරිපාල ඇමතිතුමා පවා කිව්වා අපි යනවා නම් ආණ්ඩුවට යන්නේ වචනය පරිසමාප්තාර්ථයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් පමණයි එහෙම කියපු එතුමා පහුවදා ඇමතිකම ගත්තා.
මේ කිසිම දෙයක් පක්ෂය තීරණ නෙවේ. ඒගොල්ලන්ගෙ පෞද්ගලික තීරණ. අපිට දැනගන්න තිබෙන ආරංචිවලට අනුව කැබිනට් මණ්ඩලය 30ක් පත් කරලා රාජ්‍ය අමාත්යවරු 40ක් පත් කරන්න යනවා.

තිලංග සුමතිපාල මහත්තයා කිව්වා අපේ කෙනාට අගමැතිකම දුන්න නං ජාත්‍යන්තර සහාය මීට වඩා හොඳ තැනකට රට ගේන්න තිබුන කියලා.

එකක් මම කියන්න කැමතියි, මම නං මේ ආණ්ඩුවෙ අගමැතිකම් භාරගන්න ලෑස්ති නෑ තාමත් මේ ආණ්ඩුව කරන්නේ පොහොට්ටුවේ නායකයෝ. පොහොට්ටුවට බහුතරය තියෙන්නේ,රාජපක්ෂ මහත්තුරු තමයි තාමත් මේ ආණ්ඩුව පාලනය කරන්නෙ ඒ නිසා මටනම් අගමැතිකම අවශ්‍ය නෑ.

හැබැයි මම විපක්ෂ සියලු පක්ෂ එකතු කරලා පොදු බලවේගයක් හදලා ආණ්ඩුවක් හදනවා. ඒක ස්ථිරවම කරනවා.
මේ අවුරුද්දේ කිසිම මැතිවරණයක් නෑ ඒක ස්ථිරයි.

මිනිස්සුන්ට දරිද්‍රතාවය ගොඩක් දැනෙනවා, දරුවෙක් පාසල් පවා යවාගන්න බැහැ,කන්න ටික නැහැ මන්ද පෝෂණය වැඩි වෙලා,බෙහෙත් ටික ගන්න සල්ලි නෑ එන්න එන්න රට ආගාධයට යනවා. පහුගිය දවසක පොළොන්නරුවෙ ඉඳන් මම කොළඹට එනකොට දැක්කා හැතැක්ම ගණන් ආයෙත් පෝලිම්.

රුසියානු ගුවන් යානා ප්‍රශ්නයේදී මම ක්ෂණිකව රුසියානු ජනාධිපතිවරයාට පෞද්ගලිකව ලිපියක් යවලා අපේ රටට උදව් කරන්න ඉල්ලුවා.

මේ රටේ ප්‍රශ්න මට පුළුවන් මට්ටමේ විසඳන්න මම උත්සහ කරනවා. හැබැයි දූෂණය වංචාව අඩු කළොත් පමණයි ඇත්තටම මේ රට ගොඩනගන්න පුළුවන්. අද රටේ මිනිස්සු 225 ටම බනිනවා. මම ඒකට විරුද්ධයි. 75ක් 100ක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ හොඳ අය දූෂණ වංචාවෙන් තොර. ඒ නිසා 225ම හොරු කියන එක වැරදියි.” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan