ඇතැම් ප්‍රදේශවලට සවසට වැසි – අද (09) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 09) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. අද (09) දින දහවල් 12:12 ට හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස්නුවර, ගොකරැල්ල, කවුඩුපැලැල්ල, කොප්පවේලි, සහ කිරන්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...