සටහන – පුලී
අප්‍රේල් 09, LNW (කොළඹ): ධවල මන්දිරයේදී නේටෝ සංවිධානයේ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවති පෞද්ගලික හමුවකින් පසුව, ඉරාන යුද්ධයේදී එක්සත් ජනපදයට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් නේටෝ සංවිධානයට පහර එල්ල කර තිබේ.
“අපට ඔවුන් අවශ්‍ය වූ විට නේටෝව එහි සිටියේ නැත, අපට ඔවුන් නැවත අවශ්‍ය වුවත් ඔවුන් එහි නොසිටිනු ඇත.” පැවැති රැස්වීමෙන් පසු Truth Social වෙත බෙදාගත් සටහනක, එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙසේ සටහන් කර තිබිණි.
ඉකුත් බදාදා පැවති සාකච්ඡාවලට පෙර, ගෝලීය තෙල් මිල ඉහළ යාම ලිහිල් කිරීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට උදව් කරන ලෙස කළ ඉල්ලීම් නේටෝ රටවල් කිහිපයක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ට්‍රම්ප් ට්‍රාන්ස්-අත්ලාන්තික් මිලිටරි සන්ධානයෙන් ඉවත් වීමේ අදහස ඉදිරිපත් කර තිබුණි.
ධවල මන්දිරය සාකච්ඡාවේ විස්තර පමණට වඩා හෙළි කළේ නැත.
ඉකුත් බදාදා දින නේටෝ සංවිධානයේ මහලේකම්වරයා පැය දෙකකට වැඩි කාලයක් ධවල මන්දිරයේ සිටි නමුත් ට්‍රම්ප් සමඟ පැවති හමුව කොපමණ කාලයක් පැවතියේද යන්න කිසිවෙන් නොදනී.

