ජනපති රනිල්ගේ අතුරු අයවැය කතාව අද පාර්ලිමේන්තුවේදී

0
366

2022 අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව සම්ප්‍රදාය පරිදි මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වී ඇති සුවිශේෂී තත්වයන් සලකා බලා මේ ආකාරයෙන් 2022 අයවැය සංශෝධනය කෙරේ.

මෙහිදී ජනතාවට අත්‍යාවශ්‍ය වී ඇති සහන ලබාදීමට මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට අදාළ බදු සංශෝධන කෙරෙහි ද අවධානය යොමුව ඇති බව සඳහන්.

RN