කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන Kuomintang පක්ෂ සභාපති Cheng Li-wun මහත්මිය හමුවුණා. ඒ අද(10) පෙරවරුවේ බෙයිජිංහිදී.
චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාව හා ස්වදේශිකයන් චීන ජාතියට අයත් වන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළා. තායිවාන ස්වදේශිකයන් ඇතුළු සියළුම ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාව එක්ව එක්සත් බහුවාර්ගික රටක් වන චීනය නිර්මාණය කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. ඔවුන් තේජාන්විත චීන ඉතිහාසය, විශිෂ්ට චීන ශිෂ්ටාචාරයක් මෙන්ම ශ්‍රේෂ්ඨ ජාතික අනන්‍යතාවක් පොදුවේ නිර්මාණය කළ බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළා. එමගින් දේශ භූමිය කිසිවිටෙක නොබෙදිය හැකිවීම, අර්බුද ඇති නොවීම, සිය ශිෂ්ටාචාරයට බාධා නොකිරීම යන පොදු විශ්වාසය නිර්මාණය වනු ඇතැයිද හෙතෙම පැවසුවා. ජාත්‍යන්තර තත්ත්වය හෝ තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන ජාතියේ මහා පුනර්ජීවනයේ පොදු ප්‍රවණතාව කිසිදා වෙනස් නොවන බව ඔහු සඳහන් කළා.
තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස ජනතාව හා ස්වදේශිකයන් චීන ජාතියට අයත් වන බවත් චීන සංස්කෘතියෙන් පෝෂණය ලබන එකම පවුලක සාමාජිකයන් බවත් චීන Kuomintang පක්ෂ සභාපති Cheng Li-wun මහත්මිය එහිදී ප්‍රකාශ කළා. Sun Yat-sen මහතා ඉදිරිපත් කළ චීන ජාතික පුනර්ජීවනය යන මෙහෙයුම එක්ව ඉදිරියට ගෙන යා යුතු බවත් “1992 සම්මුතිය” අනුගමනය කරමින් “තායිවාන ස්වාධීනත්ව”විරෝධී පොදු දේශපාලන පදනම මත පක්ෂ දෙක දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කළ යුතු බවද ඇය සඳහන් කළා.


