‘ඊශ්‍රායලය මනුෂ්‍ය වර්ගයාටම සාපයක්; නපුරක්; පිලිකාකාරී රාජ්‍යක් ‘ – කවාජා අසීෆ්

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් (Khawaja Asif) විසින් ඔහුගේ X සමාජ මාධ්‍ය ගිණුම හරහා ඊශ්‍රායලයට එරෙහිව ඉතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

එහිදී ඔහු ලෙබනනයේ සිදුවෙමින් පවතින ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකිමින් “ඊශ්‍රායලය මනුෂ්‍ය වර්ගයාටම සාපයක්; නපුරක්; පිලිකාකාරී රාජ්‍යක්” ලෙසත් හඳුන්වා දී ඇත.

ගාසා තීරයේ සහ ඉරානයේ සිදුකළ ක්‍රියාවලින් අනතුරුව ඊශ්‍රායලය මේ වන විට ලෙබනනය තුළ ජන සංහාරයක් සිදුකරමින් සිටින බවට ද ඔහු එහිදී චෝදනා කර තිබේ.

මෙම ප්‍රකාශය නිකුත් වූයේ, කලාපීය සාමය උදෙසා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඉතා තීරණාත්මක සාම සාකච්ඡා වටයක් මේ සති අන්තයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ වීමට නියමිතව තිබියදී හා පකිස්ථානය මෙම සාකච්ඡාවල මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටින මොහොතකය

ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය විසින් පකිස්ථාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දැක ඇති අතර සාම සාකච්ඡා සඳහා මැදිහත් වන බව පවසන රටක රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙකුගෙන් මෙවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු නොවන බවත්, පකිස්ථානයේ භූමිකාව පිළිබඳ ඊශ්‍රායලයේ අවිශ්වාසයත්, ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, රාජ්‍ය තාන්ත්‍රික පීඩනය සහ විවේචන හමුවේ අදාළ සටහන මේ වන විට අමාත්‍යවරයා විසින් සිය X ගිණුමෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...