සාම සාකච්ජාවන් සඳහා ඇමරිකානු සහ ඉරාන ඉහල රාජ්‍ය නායකයන් ඉස්ලාමාබාද් වෙත පැමිණේ,

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහි ඇමරිකා හා ඊශ්‍රායල් යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ජාවන් පැවැත්වීමට ඇමරිකා එක්සත් ජනපදයේ හා ඉරානයේ ඉහල රාජ්‍ය නායකයන් අද(11) ඉස්ලාමාබාද් වෙත පැමිණ තිබේ.

ඒ අතර, ඉස්ලාමාබාද් වෙත පැමිණි එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති අතර ජාත්‍යන්තර දේශපාලනික විශ්ලේෂකයන් දක්වන්නේ මෙය වැන්ස්ගේ උප ජනාධිපති ධුරයේ වඩාත්ම අභියෝගාත්මක අවස්තාවක්ව වන බවයි. ඉරානය සමඟ වන සාම සාකච්ජා සම්බන්ධයෙන් ඇමරිකානු උප ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ඉරානය අප සමඟ සෙල්ලම් කිරීමට සැරසුනහොත් ඊට එරෙහි ප්‍රතිචාර වඩාත් නරක විය හැකි බවයි.

මිට අමතරව ඉරාන නියෝජිත නායක මොහොමඩ් බගර් ගලිබාෆ් හා එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු ඉහල නිලධාරින්ද පැමිණ ඇති අතර සාම සාකච්ඡාවලට පෙර ඉරාන නිලධාරීන් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් හමුවී ඇත. කෙසේ නමුත් ඉරාන නියෝජිත්යන් පවසන්නේ, මෙය සාම සාකච්ඡා සඳහා හොඳ අවස්ථාවක් වන නමුත් එක්සත් ජනපදය විශ්වාස නොකරන බවයි.

මෙම සාම සාකච්ජාව වෙත ඉරානය කරුණු 10ක් ඉදිරිපත් කර ඇති අතර ඒ අතරට කලාපයේ යුද්ධය සම්පූර්ණයෙන් නැවැත්වීම, ඉරානයට සම්බාධක ඉවත් කිරීම සඳහා පූර්ණ කැපවීම, එක්සත් ජනපදය සතුව ඇති ඉරාන අරමුදල් සහ කැටි කළ වත්කම් නිදහස් කිරීම සහ ඉරානයට ප්‍රතිසංස්කරණ වියදම් සඳහා සම්පූර්ණ වන්දි ගෙවීම ඇතුළත් වේ.