අර්ජුන ක්‍රිකට් විතරද – අර්ජුනට ක්‍රිකට් විතරද

Date:

මේ වන විට ක්‍රිකට් ආයතනය ගනු ලබන තීරණ වැළක්වීමට අර්ජුන රණතුංගගේ මැදිහත්වීම ගැන පුවත් සංසරණය වෙමින් තිබේ.ඇත්තටම ඔහු ජාතික ක්‍රීඩා සභාවේ දි සංවේදි වන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන් විතරද යන්නද ඒ සමඟම මතු වෙමින් තිබෙන කාරණයකි.ඔහු ක්‍රිකට් පරිපාලනයට එන්නට උත්සාහ ගත්තද ඡන්ද හිමි ක්‍රීඩා සමාජ ඒ සඳහා සූදානම් නොවීම නිසා පරාජය වි පසු බසින්නට සිඳු වූ අතර ඉන් අනතුරුව ඔහු අතුරු කමිටුවක ප්‍රධානියා ලෙ පැමිණියද පසුව එයින් ඉවත් වි යාමට සිදු විය.

මේ මොහොතේ නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ඔහුය.ඔහු විසින් මේ දිනවල ක්‍රිකට් ආයතනය හරහා ආසියානු කුසලානයට සහභාගි වීමට සූදානම් වූ නිලදාරින් හත් දෙනෙක් නවත්වා ඇති බව වාර්තා වෙන අතර එයින් මිලියන 30 ක මුදලක් ඉතුරු කර දුන් බව ද කියැවේ.තේරීම් කමිටු සභාපතිවරයා ද සිටි එම නම් ලැයිස්තුව ගැන ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ ඔවුන් නිල රාජකාරිවලට ඩුබායි වෙත යොමු කිරිමට තීරණය කර තිබූ බවය.නමුත් අරජුන රණතුංගගේ තීරණය එක් ආකාරයකින් එතරම් පිරිසක් නිල රාජකාරි සඳහා අවශ්‍යය ද යන්න ප්‍රශ්න කරන අතර එහෙත් තේරිම් කමිටු සභාපතිවරයා ද එහි නොසිටිය යුතු යැයි අර්ජුනට වුව සිතන්නට අපහසු ප්‍රායෝගික කාරණයකි.එහි නැතුව වැඩ කරන හැටි අර්ජුනගේ න්‍යායෙන් පෙන්වා දිය හැකි නමුත් එය අර්ජුන නොවන අයෙකුට කෙතරම් අදාළද යන්න සිතිය යුත්තේ තීරණ ගන්න අර්ජුනමය.

එහෙත් අර්ජුන ක්‍රිකට් සම්බන්ධයෙන් සංවේදි නොවන කාරණාද ඇති බව පෙනෙන්නට ඇත.ක්‍රීඩකයින් ටොරිංටන් හි අතර මං කරමින් කණිෂ්ඨ ලෝක මලල ක්‍රීඩා තරගාවලිය අවස්ථාවේ ක්‍රියා කළ මලල ක්‍රීඩා නිලදාරින් වෙනුවෙන් ගන්නා බව කි කිසිදු තීරනයක් මේ වන තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා අරගෙන නැත.එසේම ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය ගැන තීරණයක් අරගෙන ද නැත.එසේම එහිි කාන්තා නිලධාරිණිය ලෙස සංචාරයට එක් වී ක්‍රීඩිකාවක් එහි කාන්තා නිලධාරිණයක නොමැතිව දමා ආ නිලදාරිණිය වෙනුවෙන් කුමන තීරණයක් ගන්නේ ද යන්න පවසා ද නැත.
මේ වන විට ක්‍රිඩා අමාත්‍යවරයා රගර් පරිපාලනය සම්බන්ධයෙන් අඩව්වක් අල්ලන්නට යන්නේ එම පරිපාලනයේ මඟ පෙන්වීම මත,ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ඉතිහාසයේ වඩාත්ම සාධනීය ප්‍රතිපල සහිත පොදු රාජය මණ්ඩලිය රගර් තරගාවලිය නිමා කර පැමිණ තිබියදීය.එසේම තමන්ගේ සභාව නියෝජනය කරන ඇතැම් සාමාජිකයන් මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ක්‍රීඩාව සමභන්ධ ව්‍යාපාරවල නිරත වි අය විය යුතු මුදල් එකතු කරමින් සිටින බව ද අර්ජුන රණතුංගයන් නොදන්නවා විය නොහැකිය.

ඒ ආකාරයටම ඔක්තෝම්බර් මස කුවේට් හි පැවත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් තේරීම් තරගවලට මුහුණ දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව සඳහා ඇතැම් අවස්ථාවල ඇග උණුසුම් කිරීමේ ධාවන පථය හෝ ලබා නොදෙන බව අර්ජුන නොදන්නේද?එසේම එම ඉසව් සඳහා හොඳම අටදෙනාට පුහුණුවීමට අවසර දෙන ලෙස මලල ක්‍රීඩා සංගමය නම් යවා ඇතත් අට දෙනාටම එම අවස්ථාව දීම සුගතදාස අධිකාරිය වළකා ඇති බව ඔහු නොදන්නේද?
ඉහත කියන ලද කරුණු අර්ජුන රණතුංග නොදන්නේද?ඔහු ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් අමාත්‍යංශය,අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ආයතන පිළිපදින්නේ නැද්ද හෝ ක්‍රිකට් හැරුණු විට අනෙකුත් ක්‍රීඩාවන් සම්බන්ධයෙන් අර්ජුනට අදාළත්වයක් නැද්ද යන්න පැහැදිළි නැත.සිඳුවෙමින් පවතින්නේ අර්ජුන සහ ක්‍රිකට් අතර සංවාදයක්,සටනක් ලෙස පෙනෙන දර්ශන පෙළකි.අර්ජුන අනෙකුත් ක්‍රීඩාවන්ට වෙන දේ නොදන්නා සේ සිටිනවාද, නොදැන සිටිනවාද හෝ නොසළකා හැර සිටිනවාද යන්න ද පැහැදිලි නැත.
RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු.....? 🍎ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්‍රික...

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර...

ඇමරිකන් – ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට එරෙහි වෙමු – කොළඹදී විරෝධතාවක්!(PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරයට...

ඉරානයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රති ප්‍රහාර; ඊශ්‍රායලයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)උදෑසන ඊශ්‍රයල හමුදාව...