දෙපාර්ශවය අතර ප්‍රබල එකඟ නොවීම් හේතුවෙන් එක්සත් ජනපද-ඉරාන සාම සාකච්ඡා කල් යයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(11) දිනයේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි ආරම්භ වූ එක්සත් ජනපද-ඉරාන සාම සාකච්ජා දෙපාර්ශවය අතර ඇති වූ ප්‍රබල එකඟ නොවීම් හේතුවෙන් අද(12) උදෑසන දක්වා කල් ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ජාවන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇමරිකා එක්සත් ජනපදයේ ඉහල නායකයන් නියෝජනය කරන අතර ඉරානයේ නියෝජිත නායක මොහොමඩ් බගර් ගලිබාෆ් හා එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එම පාර්ශවය නියෝජනය කරයි.

ඊයේ(11) දිනයේදී දෙපාර්ශවය අතර සාකච්ජා වූ කරුණු අතර ලෙබනනයේ ඉරාන පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දැනටමත් තර්ජනයට ලක්ව ඇති සටන් විරාමය ඉදිරියට ගෙන යන්නේ කෙසේ , උපායමාර්ගික හෝමූස් සමුද්‍ර සන්ධිය, න්‍යෂ්ටික ගැටළුව, යුද වන්දි, සම්බාධක ඉවත් කිරීම සහ ඉරානයට එරෙහි යුද්ධයේ සම්පූර්ණ අවසානය ඇතුළු කරුණු වාර්තා වේ.

සාම සාකච්ජා සම්බන්ධයෙන් ඇමරිකා උප ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, අපි දැන් පැය 21 ක් තිස්සේ එහි රැඳී සිටින බවත්, අපි ඉරාන ජාතිකයන් සමඟ සැලකිය යුතු සාකච්ඡා ගණනාවක් පවත්වා ඇති බවත්, අපි එකඟතාවයකට පැමිණ නැති බවත්ය. එය ඇමරිකා එක්සත් ජනපදයට නරක ආරංචියකට වඩා ඉරානයට නරක ආරංචියක් වනු ඇති බවත්, අපගේ රතු රේඛා මොනවාද, අපි ඔවුන්ට ඉඩ දීමට කැමති දේවල් මොනවාද සහ අපි ඔවුන්ට ඉඩ දීමට කැමති නැති දේවල් මොනවාද යන්න අපි ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති බවත්, අපි හැකි තරම් පැහැදිලි කළ මුත්, ඔවුන් අපගේ කොන්දේසි පිළි නොගැනීමට තෝරාගෙන ඇති බවත්ය.

මේ බව තහවුරු කරමින් ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සහ ටස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය ඇතුළු විවිධ ඉරාන මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණේ, බරපතල එකඟ නොවීම් පවතින නමුත් පාකිස්තානයේ යෝජනාවට අනුව ඉරිදා උදෑසන තවත් සාකච්ඡා වටයක් පවත්වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...