2048 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් – රනිල්ගේ ඉලක්කය

Date:

2048 වසර වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2022 අතුරු අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

අතුරු අයවැය ලේඛනය හරහා සහන රැසක් ලබාදීමට යෝජනා කර ඇති අතර බදු ආදායම් ඇතුළු රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අදාල යෝජනා කිහිපයක්ද ඇතුළත් වේ.

2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ
එකතු කළ අගය මත වන බද්ද සීයයට 12 ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට සීයයට 15 දක්වා වැඩි කෙරේ.
පසුගිය කාලසීමාවේදී හඳුන්වා දුන් බදු යෝජනා රැසක් ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට බලාත්මක කෙරේ.
වයස අවුරුදු 18 ඉක්මවූ සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.
රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතුයි.
ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා පොසිල ඉන්ධන මත ධාවනය වන වාහන මිලදී නොගනු ලබන අතර ඉලෙක්ට්‍රොනික වාහන පමණක් මිලදී ගැනීමට නියමිතය
අවම ආදායම් සහිත තෝරා ගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගරසභාවට අනුයුක්ත කෙරේ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීමට යෝජනා
රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොලිය හැර) කපා හැරේ
සහන සැලසිය යුතු පවුල් 61,000 ක් සඳහා මසකට රුපියල් 10,000 ක සහනාධාරයක්
ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2500 ක අතුරු දීමනාවක්
ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20% ක් තැන්පත්කරුවන්ට හා සේවකයන්ට

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...